මද සරු බවට ප්‍රතිකාර නැද්ද
විවාහක යුවළකට දරුවකු පමාවීම ගෙන එන්නේ තදබල කනස්සල්ලකි. අඹුසැමි දෙදෙනාම නීරෝගී බව පෙනුණ ද දරුවන් පමා වනවිට එම යුවළ පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් ද ඇතැම් විට කලබල වෙති. තමන්ට දරුඵල නොමැතිවේ ද යන භීතිය සහ අවට පුද්ගලයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ මානසික අසහනය හා ආතතිය හේතුවෙන් ඔවුන්ට තව තවත් දරුවන් ලැබීම ප්‍රමාදවීම සිදුවේ. මෙවැනි යුවළ කට කිසිදු දෝෂයක් නොමැති හෙයින් සුළු ප්‍රතිකාර කිරීමෙන් පසු දරුවන් ලැබීම වේ. එහෙත් සමහරුන්ට ඖෂධ භාවිතා කළ ද දරුවන් නොලැබී යයි.
දරුවකු සෑදීම සඳහා මුල්වන කළලය සෑදෙන්නේ පිරිමියකුගේ ශුක්‍රාණුවක් හා ගැහැනියකගේ ඩිම්බයක් එක්වීමෙන් බව අපි දනිමු. මේ අනුව කළලය ඇති වීම සඳහා දෙදෙනාගේම වගකීම 50% බැගින් වුව ද එය සෑදුණු මොහොතේ සිට දරුවා බිහි වීම දක්වා සියලූ කාර්යයන් සිදු කරන්නේ කාන්තාවගේ සිරුර තුළ බැවින් දරුවන් පමාවන විට සියලූ දෝෂාරෝපණවලට ලක්වෙන්නේ කාන්තාවන්ය.
ආයුර්වේද මතයට අනුව දරුවකු නොලැබීමට ප්‍රධාන වශයෙන් සාධක 4ක් බලපායි. එනම්,
1. ඍතු
2. ක්ෂේත්‍ර
3. අම්බු
4. බීජවල විකෘති
මීට අමතරව අද සමාජය තුළ ඇති කාර්යබහුලතාවය, ඒ තත්ත්වය නිසා කඩ කෑමවලට පුරුදුවීම, නිසි වයස පසුවනතුරු විවාහයක් සිදු නොවීම, විවාහයෙන් පසු වුව ද රැුකියාව නිසා දෙදෙනා තැන් දෙකක විසීම, රැුකියාවල ස්වභාවය යන හේතූන් මත දරුවන් නොමැති වීම සහ දරුඵල පමා වීම සිදුවේ.
මෙම හේතූන් තත්ත්වය සඳහා චිකිත්සාව හේතු අනුකූලව යෙදිය යුතුය. ආයුර්වේද චිකිත්සාව අනුව, ශෝධන, ශමන, තර්පණ මූලධර්ම යටතේ චිකිත්සාව කළ යුතුය. පර්යේෂණ මට්ටමින් දෝෂය ස්ත්‍රියගේ ද පුරුෂයාගේ ද නිරීක්ෂණය කළ පසු ඖෂධ යෙදීම සිදු කරයි. මේ ප්‍රතිකාරවලදී පත්යා පත්ය රැුකීම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුමය. ඒ සඳහා අප දෙන උපදෙස් නිසි ආකාරවම පිළිපැදීමට රෝගියා සතු වගකීමක් මෙන්ම යුතුකමකි.
කේ. ඉන්ද්‍රජිත් පීරිස්