ලෙබනන් ගුවන්තොට වැසෙයි



හිස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියක් හට ගැනීමත් සමඟ ලෙබනනයේ බීරූට් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ (29) වසා දැමුණි. 

ගුවන් ගමන් අවලංගු කිරිමත්, ප්‍රමාද වීමත් හේතුවෙන්, ගුවන්තොටුපොළ මගීන් දැඩි ලෙස අපහසුතාවට පත්වුණු බව පැවැසෙයි.

බීරූට් අගනුවර බලා පියාසර කරමින් තිබුණු ස්විට්සර්ලන්තයට අයත් ‘යූරෝ-විංග්ස්’ ගුවන් සේවයේ සහ ජර්මන් ‘ලුෆ්තානා’ ගුවන් සේවයේ ඔවුන්ගේ ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවුණු බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS