යේමනයේ සානා අගනුවරට ඇමෙරිකන් හමුදා පහර දෙයි



යේමනයේ සානා අගනුවරට ඇමෙරිකන් හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 15 කි. මියගියේත් තුවාල ලැබුවේත්, යේමන සිවිල් වැසියන් බව පැවැසෙයි.

මසුගිය මාර්තු මාසයේ සිට ඇමෙරිකන් හමුදාව යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඒ, යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස ඇමෙරිකාව නම් කර ඇත.

එදා සිට මේ දක්වා ඇමෙරිකන් හමුදා යේමනයට ගුවන් ප්‍රහාර 800 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර, එම ප්‍රහාරවලින් මියගිය යේමන වැසියන් ගණන 200 ඉක්මවයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS