පලස්තීනුවෝ 70 ක් මරුට



ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ කාන් යූනිස් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

ඒ අනුව, ඊශ්‍රායල හමුදාව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 39,000 පසු කළ බව වාර්තා විය.

කාන් යූනිස් නගරයට එල්ල කළ ප්‍රහාරවලින් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊශ්‍රායල හමුදාව කාන් යූනිස් නගරය ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, හමාස් සටන්කාමීන් කාන් යූනිස් නගරයේ සැඟවී සිටින බැවින් යැයි ඊශ්‍රායල රජය පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS