ඊශ්‍රායලයට පහර දෙනු !



හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඉරානයේදී ඝාතනයට ලක්වූ බවට නිවේදනය කිරීමෙන් පසුව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය හදිසි රැස්වීමක් පැවැත්වූ බවත් එහිදී ඝාතනයට පිළිතුරු ලෙස කෙළින්ම ඊශ්‍රායලයට පහර දීමට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණදී ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ඉස්මයිල් හනියේ ඝාතනය කරනු ලැබුවේ ඊශ්‍රායල විසින් බව හමාස් සංවිධානය සහ ඉරානය චෝදනා කරන බවත් ඊශ්‍රායලයට සිය සතුරන් විදේශ රටවලදී ඝාතනය කිරීමේ ප‍රණ පුරුද්දක් තිබෙන බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.කෙසේ වෙතත් හනියේ ඝාතනයේ වගකීම ඊශ්‍රායලය නිල වශයෙන් බාර ගෙන නොමැති බවද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළේය.

හමාස් දේශපාලන අංශ නායකගේ මරණයේ පළිය ගැනීම ඉරානයේ රාජකාරිය වනු ඇති බවත් ඊශ්‍රායලයට දරුණු දඬුවමක් ඝාතනය සඳහා ලැබෙනු ඇති බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රකාශ කළේය. ඉරානයෙන් සහ සිය හිතවාදීන්ගේ ඊශ්‍රායලයට දරුණු හා වේදනාකාරී ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ඉරානයේ විප්ලවීය ආරක්ෂක බළකාය අනතුරු ඇඟවූවේය.

කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ජනතාව අමතමින් ප්‍රකාශ අකර සිටියේ ඊශ්‍රායලයට එරෙහි වන්නන්ට ඒ සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවනු ඇති බවය. එල්ල වෙන ඕනෑම තර්ජනයකයට මුහුණ දීමට ඊශ්‍රායලය සූදානම් බවත් ඊශ්‍රායල ජනතාව එකමුතුව ඕනෑම තර්ජනයකට මුහුණ දෙනු ඇති බවත් අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැවැසුවේය. හානියේගේ ඝාතනය සඳහන් නොකරමින් ඊශ්‍රායලය මෑතකදී ඉරානය අනුග්‍රහය ලබන පාර්ශ්ව වෙත දරුණු ප්‍රහාර එල්ල කර තිබෙන බවද ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS