අවසන් වරට බයිඩන් හමුවෙයි



වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි.

යළි ජනාධිපති ධුරය අපේක්ෂා නොකරන බව බයිඩන් පවසා ඇති බැවින්, ඔහුගේ ධුර කාලය මෙම වසරේ අවසන් වනු ඇත. එහෙයින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඇමෙරිකන් ජනාධිපති ලෙස, ජෝ බයිඩන් හමුවන අවසන් අවස්ථාව මෙය වනු ඇතැයි ධවල මන්දිරය නිකුත් සඳහන් වෙයි.

ඉතිරි මාස කීපයේ ද ජනාධිපති බයිඩන් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණෙමින් පැහැදිලි කළේය. නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණෙද්දී, වොෂින්ටන් අගනුවර ඊශ්‍රායල විරෝධී විරෝධතා රැලි පවා පැවැත්විණි. නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණියේ එම විරෝධතා මධ්‍යයේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS