සෞදි කුමරු ඇමෙරිකාවෙන් දුරස් වෙයි ?



ඇමෙරිකාවේ මැද පෙරදිග කලාපයේ හිතවාදියා වන සෞදි අරාබියාව ඇමෙරිකාවෙන් දුරස්වීමට පටන්ගෙන ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගිය බදාදා සෞදි අරාබියාවේ කළ සංචාරයෙන් පසුව මෙම දුරස්වීම ඇතිවීම පටන්ගෙන ඇතැයි පෙනෙන්නට තිබෙන බව දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කළහ.

ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සෞදි සංචාරයෙන් පසුව සෞදි කුමරුවන මොහොමඩ් බින් සල්මාන් ප්‍රංශ ජනපති ඉමානුවෙල් මැක්රොන්ට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත් එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා ඊශ්‍රායලය සම්බන්ධයෙන් දරණ මතය සෞදි කුමරු අනුමත කර ඇති බවත් දේශපාලන විචාරකයෝ පැවැසූහ.

කෙසේ වෙතත් ඉරානය සිය සතුරාට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරාවි යැයි මතුව ඇති බිය මෙලෙස සෞදි කුමරු ඇමෙරිකාවෙන් දුරස්වී ඊශ්‍රායල විරෝධී මතය අනුමත කිරීමට හේතුවන්නට ඇතැයි විශ්වාස කරන බව දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කළහ.


RECOMMEND POSTS