සිසුන් අතර ආගමික දැනුවත්භාවය වැඩිකරයි



ඩුබායි හි පාසල් සිසුන් අතර ආගමික දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා "Ajyal" වැඩසටහන දියත් කර ඇති බව වාර්තා වේ.

මෙම වැඩසටහන, දැනුම හා මානව සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් ඩුබායි හි ඉස්ලාමීය කටයුතු සහ පුණ්‍ය කටයුතු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරයි.

සියලුම ආගමික පාර්ශ්ව අතර අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැගීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මුලික අරමුණ වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS