සිරියානු ජනපතිට රුසියන් සහාය
සිරියානු කැරැලිකරුවන් ඇලෙප්පෝ නගරයෙන් වැඩි ප්‍රමාණය අල්ලා ගනිද්දී සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය පළ කරමින් රුසියානු හමුදා කැරැලිකරුවන්ට ගුවන් ප්‍රහාර එල්ල කළේය.
ඉස්ලාමීය හයාට් තහ්රීර් අල් ෂාම් කැරැලිකරුවන් මෙලෙස ඇලෙප්පෝ නගරයෙන් වැඩි ප්‍රමාණය අල්ලා ගෙන ඇත. 2016 වසරේදී ඉස්ලාමීය හයාට් තහ්රීර් අල් ෂාම් කැරැලිකරුවන් ඇලෙප්පෝ නගරයෙන් පළවා හැරීමෙන් පසුව සිදුකළ දැවැන්තම පහරදීම මෙය වන බවද සැලකේ. රුසියාව සහ සිරියාව 2016 වසරට පසුව ඇලෙප්පෝ නගරයට බෝම්බ හෙළු ප්‍රථම අවස්ථාවද මෙය වේ.
කැරැලිකරුවන් ඇලෙප්පෝ නගරයට කඩා වැදීමත් සමග සිරියානු හමුදාව නගරයෙන් පසුබැස ඇති අතර එහිදී ඇතිවූ ගැටුම්වලින් සිරියානු හමුදාව 12 දෙනකු මියගොස් ඇති බවද පැවැසෙයි. කැරැලිකරුවන්ට එල්ල කරන ප්‍රතිප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ඇලෙප්පෝ නගරයෙන් තාවකාලිකව පසුබැස ගිය බව නිල නිවේදනයක් නිකුත් කරමින් සිරියානු හමුදාව ප්‍රකාශ කර ඇත.
පසුගිය 27 වැනිදා ආරම්භ වූ ගැටුම්වලින් මේ දක්වා 300 දෙනකු මියගොස් ඇති බවත් ඉන් 20 දෙනකු සිවිල් වැසියන් බවත් සිරියානු හමුදාව සඳහන් කළේය. ඇලෙප්පෝ නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළද අත්පත් කරගෙන ඇති බවත් ඉන් නොනැවතී කැරැලිකරුවන් ඉදිරියට ඇදෙමින් සිටින බවත් පැවැසෙයි.
සිරියානු ජනාධිපතිවරයා රුසියානු සහ ඉරාන හිතවාදියකු ලෙස සැලකෙන අතර සිරියානු හමුදාව සමඟ සටන් වැදීමට කැරැලිකරුවන්ට ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවලින් අවි ආයුධ හිමිවෙයි.
ඇලෙප්පෝ යනු සිරියානු හමුදාවේ දෙවැනි විශාලතම නගරය වේ.