සතියක් තුළ 21,485ක් අත්අඩංගුවට
සෞදි අරාබිය සතියක් තුළදී පුද්ගලයින් 21,485ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම අත්අඩංගුවට ගත් පිරිසට නේවාසික වීසා උල්ලංඝනය කළ පුද්ගලයින් 13,562 ක්, දේශසීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 4,853 ක් සහ කම්කරු නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3,070 ක් අයත් වේ.
නීති විරෝධී ලෙස රාජධානියෙන් පිටවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 64 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
දැනට අත්අඩංගුවට ගෙන සිටින විදේශිකයන් 33,007 දෙනෙකුට (පිරිමින් 30,335 ක් සහ කාන්තාවන් 2,672 ක්) විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)