ලෙබනන් ඊශ්‍රායල අර්බුදය: සෞදි අරාබිය කනස්සල්ලෙන්



ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊශ්‍රායලයත් ලෙබනනයත් අතරේ හටගත් අර්බුදය සම්බන්ධයෙන් සෞදි අරාබිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

ඊශ්‍රායලයට හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ, ලෙබනනයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින්, කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් යැයි සෞදි රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS