ඩිජිටල් ඩුබායි විසින් නව විශේෂාංගයක් එළිදක්වා ඇත. ප්‍රජා සහභාගීත්වය වැඩි දියුණු කිරීම සහ නගර නඩත්තුව වැඩිදියුණු කිරීම Madinati නමැති මෙම නව AI කෘත්‍රිම බුද්ධයෙන් බල ගැන්වෙන සේවාවේ අරමුණ බව පැවැසෙයි.

Madinati  සේවාව මගින් පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට කැඩුණු මාර්ග, කඩා වැටුණු ගස් සහ වෙනත් බාධක වැනි ගැටළු පිළිබඳ හුදෙක් ඡායාරූපයක් ගෙන එය යෙදුම හරහා බෙදාගැනීමෙන් වාර්තා කිරීමට ඉඩ සලසා දෙයි..

Madinati හරහා පැමිණිලි වාර්තා කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම අරමුණු කෙරේ. පරිශීලකයින්ට ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම්වල යෙදෙන අතරතුර අදාළ බලධාරීන්ට බාධාවකින් තොරව දැනුම් දීමට මේ හරහා හැකි යැයි ද පැවැසෙයි.

AI පද්ධතිය රූපයේ ඇති ගැටලුව බුද්ධිමත්ව හඳුනාගෙන එය සෘජුවම අදාළ දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි. ඒ අනුව මෙමගින් මිනිස් මැදිහත්වීමේ අවශ්‍යතාවය ඉවත් කරයි.

පරිශීලකයින්ට ස්ථානය තහවුරු කිරීම පමණක් කළ යුතු වන අතර, පද්ධතියට එය ස්වයංක්‍රීයව හඳුනාගත හැකි බැවින්, වාර්තා කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ පරිශීලක-හිතකාමී කරයි.

මෙම නව විශේෂාංගය රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන 45කට අධික සංඛ්‍යාවකින් සේවා 280ක් ඇතුළත් ඩුබායි නව් සුපර් යෙදුම මගින් පිරිනමනු ලබන පුළුල් සේවාවලින් එකකි.