දියණිය සිහිකිරීමට රෝහලක් ඉදිකරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ධනවත් ව්‍යාපාරිකයෙකු තම දියණිය සිහිකිරීම සඳහා රෝහලක් ඉදිකරන බව වාර්තා වේ.

අසීසි සමූහයේ සභාපති සහ නිර්මාතෘ මිර්වයිස් අසීසි, තම දියණිය වන ෆරිෂ්තා අසීසි පිළිකාවකින් මියයෑම හේතුවෙන් ඇයව සිහි කිරීම සඳහා ඩිරාම් බිලියන 3කමුදලක් පරිත්‍යාග කර තිබේ.

පිළිකා රෝගීන්ට නොමිලේ සහ දැරිය හැකි සෞඛ්‍ය සේවා සපයන සහ ලාභ නොලබන රෝහලක් ඉදිකිරීම සඳහා මෙම පරිත්‍යාගය භාවිතා කරනු ඇත. රෝහලේ ඉදිකිරීම් මෙම වසරේ ආරම්භ කරන බව වාර්තා වේ.

"හොඳම පිළිකා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනතාවට යුරෝපයට හෝ වෙනත් ස්ථානයකට යාමට සිදු නොවනු ඇත." මුදල් පරිත්‍යාග කිරීමෙන් පසු මිර්වයිස් අසීසි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnlineඩුබායි නුවර)

RECOMMEND POSTS