එමිරේට්ස් ජනපති ඇමරිකා යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ඇමරිකාවේ වෝෂින්ටන් නුවරට ගොස් ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද උප ජනාධිපති, කමලා හැරිස්  ධවල මන්දිරයේදී හමු වී උපාය මාර්ගික සබඳතා වැඩිදියුණු කර ගැනීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කර ඇත.

එමිරේට්ස් ජනාධිපතිවරයාගේ එක්සත් ජනපද නිල සංචාරයේ කොටසක් ලෙස පැවති මෙම සාකච්ඡාවේදී මෑත වසරවල ද්විපාර්ශ්වික සබඳතාවල කැපී පෙනෙන ප්‍රගතිය සමාලෝචනය කරන ලද අතර, ආර්ථිකය, වෙළඳාම සහ ආයෝජන, තාක්‍ෂණය, බලශක්තිය, දේශගුණික ක්‍රියාකාරකම් සහ වෙනත් සහයෝගීතාව සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS