එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යය, ඉන්දියානුවන්ට පැමිණීමේ දී වීසා ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කර ඇතැයි එමීර් රාජ්‍යයේ ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම ක්‍රමවේදය ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය හෝ යුරෝපා සංගම් රටවලින් වලංගු ස්ථිර නේවාසික කාඩ්පත් හෝ වීසා බලපත්‍ර සහිත පුද්ගලයන්ට පහසුවෙන් එමිරේට්ස් රාජ්‍යයට පිවිසීමට ඉඩ සලසා දෙන බව පැවැසෙයි.

අවශ්‍ය සුදුසුකම් සැපිරූ ඉන්දියානු ජාතිකයන්ට, එමීර් රාජ්‍යයට ඇතුළු වන විට දින 14ක වීසා බලපත්‍රයක් ලබා ගත හැකි බව පැවැසෙයි. මිලියන 3.5 කට අධික ඉන්දියානුවන් වෙසෙන ඉන්දියාව සහ එමීර් රාජ්‍යය අතර වර්ධනය වන හවුල්කාරිත්වය මෙම පියවර මඟින් පිළිබිඹු කෙරේ.