ගෙවතු වගාවට දරුවන් උනන්දු කරවන ලයිසියම් පාසල් ජාලය



කෘෂිකර්මාන්තය මිනිසාගේ වඩාත්ම සෞඛ්යව සම්පන්න, වඩාත්ම ප්ර්යෝජනවත් සහ උතුම්ම රැකියාවයි"
- ජෝර්ජ් වොෂින්ටන් -

සාගතයක් ගැන බියෙන්, ආහාර සුරක්ෂිතාව ගැන කථිකාවතක් ආරම්භ වී ඇති අවස්ථාවක අප කාගේත් අවධානය යොමු වී ඇත්තේ ගෙවතු වගා සඳහාය. සාගත බිමෙන් බිදීමටත් ආහාර සුරක්ෂිතාව සඳහාත් සරල මෙන්ම පහසුම විසඳුම වන්නේ අපට හැකි අයුරින් වගා කිරීමය. ලයිසියම් පාසල් දරු දැරියන් වගා කටයුතු සඳහා යොමු වී සිටින්නේ එය ක්‍රියාවෙන් ඔප්පු කරමිනි.

මානව පරිණාමයටත්, මානව ශිෂ්ටාචාරයටත් මග සකස් කර දුන්නේ කෘෂිකාර්මය බව අමුතුවෙන් කිව යුතු නැත. කෘෂිකර්මාන්තය යනු වෘත්තියක් නොව, එය අප ජීවන රටාවය. එය අපගේ බලාපොරොත්තුවේ අරුණැල්ලය. මෙය කුඩා කළ සිට දරුවන්ට හුරු කළ යුතු දෙයකි. කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් දැනුම කුඩා කළ සිටම දරුවන්ට ලැබිය යුතුය.

2050 වෙද්දී ගෝලීය ජනගහනය බිලියන 9 පසු කරනු ඇතැයි පැවැසෙයි. ජනගහන වර්ධනයත් සමග ආහාරවලට ඇති ඉල්ලුම ද වැඩිවෙයි. ආහාර නිෂ්පාදනය වැඩි කිරීම, ආහාර ගබඩා කිරීමට ඇති අවශ්‍යතාව දිනෙන් දින වැඩිවෙයි. සංවර්ධන රටවලට මෙය අභියෝගයක් වෙයි. සාගතයකට මුහුණ දීමෙන් වැළැකීමට, ආහාර සුරක්ෂිතභාවයක් ඇති කර ගැනීමට වළක්වා ගැනීම කළ යුතුම දෙයකි.

ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරමින් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දූ දරුවන් ගෙවතු වලා කටයුතු සඳහා යොමු වී සිටින්නේ මෙවැනි පසුබිමකය.  සාම්ප්‍රදායික ක්‍රම භාවිතයට ගනිමින්, වස විසෙන් තොර, කෘෂිකාර්මික කටයුතු සඳහා දූ දරුවෝ යොමු යී සිටින්නේ මහත් ආශාවකින් සහ උනන්දුවකිනි.

ජාතිය දිරිමත් කිරීමේ මෙම උදාර කටයුත්තට ලයිසියම් පවුලේ සෙසු පාසල් ද සම්බන්ධ වී සිටීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

නුගේගොඩ, වත්තල, පානදුර, ගම්පහ, රත්නපුර, නුවරඑළිය, අනුරාධපුරය  සහ කුරුණෑගල පාසල් ගෙවතු වගා මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, එම පාසල්වල සිසුන් ඔවුන්ගේ ගෙවතු වගා කටයුතු ද ඔවුන්ට හැකි අයුරින් පවත්වා ගෙන යයි. පමණක් නොව, ඔවුන් මේ වනවිට පළමු අවස්වැන්න භුක්ති විඳ අවසන් ය. එය සැබැවින්ම ආඩම්බරයට හේතුවකි.


RECOMMEND POSTS