ලිතුවේනියාවේ තායිවාන නියෝජිත කාර්යාලයක්



ලිතුවේනියාව තුළ තායිවානයේ නියෝජිත කාර්යාලයක් ස්ථාපිත කිරීමට ලිතුවේනියාව තීරණය කර ඇත.

එම තීරණය සම්බන්ධයෙන් චීනය ලිතුවේනියාවට යම් ආකාරයක තර්ජනයක් කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඊට එරෙහිව මේ වනවිට යුරෝපා රටවල විදේශ සම්බන්ධතා සම්බන්ධ කමිටු 11ක් සිය විරෝධය පළ කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයට ලිතුවේනියාවට සහාය පළ කරමින් චීනයේ බලපෑම හෙළා දැක ඇත.

ලිතුවේනියාව තායිවානය රාජ්‍ය සම්බන්ධතා ඇති කරගනිමින් සිය රට තුළ තායිවානයේ නියෝජිත කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

අගෝස්තු මස මුලදී එම තීරණය ගෙන තිබේ.

ලිතුවේනියාව යනු බෝලිටික් භූගෝලිය කලාපයට අයත් රටකි.

ලිතුවේනියාවේ එම තීරණයත් සමඟ චීනය එරට සිටින ලිතුවේනියානු තානාපතිවරයා කැඳවා යම් අනතුරු ඇඟවීමක් කර ඇත.

ලිතුවේනියාවේ එම තීරණය චීනය සහ ලිතුවේනියාව අතර තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට අදාළ පිළිවෙත් උල්ලංඝනය කිරීමක් යැයි ද චීනය අවධාරණය කළේය.

තායිවානය සමඟ දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙනන අයුරින් සම්බන්ධතා පවත්වන බව ලිතුවේනියාව ඉකුත් ජූලි මාසයේ දී ප්‍රකාශ කළේය.

එම තීරණයට සිය උපරිම සහයෝගය දෙන බව යුරෝපා සංගමයේ රටවල් එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

චීනයේ තර්ජනයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ආර්. ෂර්මන් ලිතුවේනියානු විදේශ අමාත්‍ය ගේබ්‍රියෙල් ලෑන්ඩ්බර්ගිස් අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.

ලිතුවේනියාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ උපරිම සහාය හිමි වන බවත් දෙරට අතර ද්විපාර්ශවීය සම්බන්ධතා ශක්තිමත් කරගැනීමටත් පුළුල් කරගැනීමටත් කටයුතු කරන බවත් ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය එහිදි ප්‍රකාශ කර ඇත.

මෑතකාලීනව ලිතුවේනියාව සහ චීනය අතර සම්බන්ධතා නරක අතට හැරී තිබේ.

චීනය මධයම සහ නැගෙනහිර යුරෝපීය රටවල් සම්බන්ධයෙන් සහයෝගීතා සම්මේලනයක් ආරම්භ කර ඇත.

එය චීනයේ 17+1 යනුවෙන් හැඳින්වේ. ලිතුවේනියාව පසුගිය දිනෙක එම සහයෝගීතා සම්මේලනයෙන් ද ඉවත් විය.

(ඒ.එන්.අයි.)


RECOMMEND POSTS