රුසියාව ණය පැහැර හැරිය රටක්



සියවසකට පසුව රුසියාව ණය පැහැර හැරී රටක් බවට පත්ව ඇත. ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළව පොලී ගෙවීමට ලබා දී තිබූ සහන කාලය ද ඉක්මවා යෑම හේතුවෙන් රුසියාව මෙලෙස ණය ගෙවීම පැහැර හැරි රටක් බවට පත්ව තිබේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව රුසියාවට ගෝලීය ආර්ථිකයට පිවිසීමට නොහැකි වන අයුරින් සහ ඩොලර් භාවිත කිරීමට නොහැකි වන අයුරින් සම්බාධක පැනවීමට බටහිර රටවල් පියවර ගත්තේ ය. රුසියාව, යුක්රේනය ආරම්භ කරන ලද්දේ පෙබරවාරි 24 වැනි දා ය. එතැන් මේ දක්වා ගෙවුණු කාලයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 40කට අදාළව නොගෙවූ බැඳුම්කර පියවීමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට රුසියාවට සිදුවිය.

රුසියාව, ගෝලීය මූල්‍ය පද්ධතියෙන් ඉවත් කිරීමටත් එමෙන්ම ඔවුන්ගේ වත්කම්වලට ආයෝජකයන්ට ප්‍රවේශවීමටත් නොහැකි වන අයුරින් සම්බාධක පැනවීමට ඇමෙරිකා ප්‍රමුඛ බටහිර රටවල් පියවර ගත්තේ ය.

රුසියාව ණය පැහැර නොහරින බවත් රුසියාව ණය නොගෙවන බවට කරන ප්‍රකාශවලට කිසිදු පදනමක් නොමැති බවත් රුසියාව දිගින් දිගටම අවධාරණය කළේ ය. සම්බාධක හේතුවෙන් තමන්ට බැඳුම්කර හිමියන්ට මුදල් යැවිය නොහැකි බවත් බටහිර රටවල් කෘත්‍රීමව රුසියාව ණය පැහැරි තත්ත්වයට පත් කිරීමට උත්සහා කරන බවත් රුසියාව චෝදනා කරයි.

බොල්ෂෙවික් විප්ලවයෙන් පසු රුසියාව මෙවැනි තත්ත්වයකට පත්වන පළමු අවස්ථාව මෙය වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය ඉකුත් මැයි මාසයේ දී රුසියාවට ගෙවීම් කිරීමට නොහැකි වන අයුරින් ඊට අදාළ ක්‍රියාමාර්ග ගත්තේ ය.

රුසියාවට ණය පැහැර හැරි තත්ත්වයට පත්ව ඇත්තේ බැඳුම්කර දෙකකට අදාළව පවතින පොලී ගෙවීමට නොහැකි වීම නිසා ය. අදාළ ගෙවීම්වල වටිනාකම ඇමෙරිකානු ඩොර් මිලියන 100ක් වන අතර එක් බැඳුම්කරයක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර්වලින් සහ අනෙක් යුරෝවලින් නාමනය කර තිබේ.

මීට අදාළව ගෙවීම් කිරීමට නියමිතව තිබුණේ මැයි මස 27 වැනිදා ය. ඊට අදාළව දින 30 ක සහන කාලයක් ලබා දී තිබූ අතර එය ඉරිදායින් (ජූනි 26) අවසන් විය.

(රොයිටර්)


RECOMMEND POSTS