ඩෙන්මාර්ක ජල මූලාශ්රවල කොවිඩ් විෂබීජ
ඩෙන්මාර්කයේ පිටිසරබද ප්‍රදේශවල ජල මූලාශ්‍රවලින් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ විෂබීජ සොයා ගැනීමට හැකිවී ඇතැයි එරට පරිසර කටයුතු අධීක්ෂණ කමිටුව පවසා තිබේ.
පසුගිය නොවැම්බරයේ ඩෙන්මාර්ක සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව, මිලියන ගණනක් මින්ස්ක් නමැති මුගටියන් මරා දැමුණි. ඒ, මෙම මුගටියන්ගේ සිරුරේ ‘කොවිඩ් 19’ වයිරසය තිබුණු නිසාත්, මුගටියන්ගෙන් මිනිසුන්ට යළි වයිරසය පැතිරේවි යැයි යන බියත් නිසාය.
මින්ස්ක් යනු යුරෝපයට ආවේණික මුගටි විශේෂයක් වන අතර, සම් ලබා ගැනීමේ අරමුණින් ගොවිපොලවල මෙම මුගටියන් ඇති කෙරේ. ‘කොවිඩ් 19’ වයිරසයට බියෙන්, නොවැම්බර් මාසය පුරාවට මරා දැමුණු මුගටියන් ගණන මිලියන 17 ක් බව ද පැවැසෙයි.
‘කොවිඩ් 19’ වයිරස විෂබීජ හමුවී ඇතැයි පැවැසෙන්නේ මරා දැමූ මෙම මුගටියන් වළදමා ඇති ප්‍රදේශ අවට ජල මූලාශ්‍රවලින් බව පරිසර කටයුතු අධීක්ෂණ කමිටුව පැහැදිලි කර තිබේ. මුගටියන් වළදමා ඇත්තේ මීටර් දෙකක් ගැඹුරු වලක යැයි ද පැවැසෙයි. ඒ, ඩෙන්මාර්ක හමුදාවේ මැදිහත්වීමෙනි.
මුගටියන් වළ දමන අවස්ථාවේ සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවා ඇත්තේ, ‘කොවිඩ් 19’ වයිරස විෂබීජ පසට හෝ ජල මුලාශ්රවලට හෝ කාන්දු වීමේ අවදානමක් ඇති බවය. පරිසර කටයුතු අධීක්ෂණ කමිටුව මෙහෙයවීමෙන් පසුගිය දා ජල මූලාශ්‍ර සහ පස් සාම්පල පරීක්ෂාවට ලක් කළේ ඒ අනුවය.
කෝපන්හේගන් නුවරදීය (ඒ.එෆ්.පී.)