කාලගුණ හදිසි තත්ත්වයක්



ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ දිනෙන් දින ලෝකයට එල්ල වන අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින්, ගෝලීය උණුසුම සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර, ගෝලීය උණුසුම අවම කර ගැනීමට කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරේස් ඉල්ලීමක් කර තිබේ.

ජගත් මහ ලේකම්වරයා මෙසේ කියා සිටියේ, ගෝලීය උණුසුම පිටුදැකීමට පිහිටාගත් පැරිස් සම්මුතියේ පසුවැනි සැමරුමට එක් වෙමිනි. මෙම සම්මුතිය පිහිටුවා ගැනීම සිදුවූයේ 2015 දී ප්‍රංශ රජයේ ප්‍රධානත්වයෙනි.

ඕස්ට්‍රේලියාවේ සිට ඇමෙරිකාවේ කැලිෆෝනියාව තෙක් ළැව් ගිනි ඉහවහා යමින් පවතින බවත්, ග්ලැසියර් දියවීම අන් කවරදාටත් වඩා වේගයෙන් සිදුවන බවත්, වර්තමානයේ ලොවට වින කරන කොවිඩ් 19 වයිරසය ද විපරිත කාලගුණය හේතුවෙන් පැතිර යමින් පවතින බවත් ජගත් මහ ලේකම්වරයා අවධාරණය කළේය.

කාබන් විමෝචනය අවම කරමින්, ගෝලීය උණුසුම පාලනය කිරීමට ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් පියවර ගත යුතු බව හෙතෙම අවධාරණය කර ඇත.

ඇමෙරිකාව හැර ලොව ප්‍රධාන පෙළේ රටවල් මෙම සම්මුතිය සමඟ එක් සිටී. ඇමෙරිකාව මෙම පැරිස් සම්මුතියෙන් ඉවත් කරගෙන ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඒ 2017 දීය. කෙසේ නමුත් නව ජනාධිපති ලෙස තේරී පත් වුණු ජෝ බයිඩන් පවසා ඇත්තේ ඇමෙරිකාව යළි පැරිස් සම්මුතිය හා එක් කිරීමට තමන් කටයුතු කරන බවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS