දෝෂාභියෝගය සෙනට් මණ්ඩලයට
ධුරයෙන් සමුගත් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහි දෝෂාභියෝග යෝජනාවලිය ඊයේ (26) සෙනෙට් මණ්ඩලයට යොමු කෙරුණි. ඒ, නියෝජිත මන්ත්රී මණ්ඩලය හමුවේ එය සම්මත වීමෙන් පසුවය.
ඉදිරියේදී, ට්රම්ප්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්, නඩු විභාගයක් සහ ඡන්ද විමසුමක් පැවැත්වීමට නියමිතය. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ට්රම්ප් වරදකරු වුවහොත් ඔහුට යළි දේශපාලනය කළ නොහැකි වනු ඇති අතර, සිරදඬුවම් විදීමට පවා සිදුවනු ඇතැයි පැවැසෙයි.
ට්රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්රතිවාදී ඩිමොක්රටික් පක්ෂය තීරණය කළේ, පසුගිය 6 වැනිදා, ට්රම්ප්ගේ ‘උසිගැන්වීමෙන්’ ඔහුගේ ආධාරකරුවන් කැපිටල් හිල් (පාර්ලිමේන්තු) ගොඩනැගිල්ලට කඩා වැදීමේ සිදුවීම මුල්කොට ගනිමිනි.
ජනපති ට්රම්ප් කොංග්රස් මණ්ඩලයට බාධා කළ බවත්, රටේ බලය අල්ලා ගැනීමට කුමන්ත්රණය කළ බවටත් චෝදනා එල්ල වී ඇත. දෝෂාභියෝගයට අදාල යෝජනාවට ඇතුළත් වන්නේ මෙම චෝදනාය.
ඇමෙරිකන් කොංග්රසය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විත වන අතර, දෝෂාභියෝගය ගෙනා අවස්ථාවේදී නියෝජිත මන්ත්රී මණ්ඩලයේ බහුතර බලය ඩිමොක්රටික් පක්ෂය සතුව පැවැතිණි. සෙනෙට් මණ්ඩලයේ බහුතරය ට්රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවිය.
නියෝජිත මන්ත්රී මණ්ඩලය හමුවේ දෝෂාභියෝගය සම්මත වී එය සෙනෙට් මණ්ඩලය වෙත යොමු කිරීම ඊයේ (26) සිදුවූයේ ඉන්පසුවය.
ඇමෙරිකාවේ නව උප ජනපති ලෙස කමලා හැරිස් එම ධුරයට පත් වෙද්දී ඇය ඇගේ සෙනට් අසුනට සමුදුන් අතර, නව සෙනෙට් සභිකයන් දෙනෙකු සෙනට් මණ්ඩලයට ඇතුළත් විය. ඒ අනුව අද වනවිට සෙනට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන්වරුන් සතුව නොව, ඩිමොක්රටික්වරුන් සතුවය. එය ට්රම්ප්ට ලොකු අභියෝගයක් වනු නොඅනුමානය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)