කැනඩා ආ චීන බැලූනය පහර දී විනාශ කරලා



තම ගුවන් සීමාවට අනවසරයෙන් පිවිසි හඳුනා නොගත් වස්තුවක් පහර දී විනාශ කළ බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේය.

පහර දී විනාශ කළ වස්තුව, ‘හඳුනා නොගත් වස්තුවක්’ ලෙස අග්‍රාමාත්‍යවරයා පැවැසුවත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය චීන ඔත්තු බැලීමට එවූ බැලූනයක් බවය.

චීනය පවසා ඇත්තේ එම බැලූනය හමුදාවට අයත් බැලූනයක් නොව, කාලගුණ විද්‍යාඥයන්ගේ කාලගුණ දත්ත රැස් කරන බැලූනයක් බවය. බැලූනය ඇමෙරිකාව දෙසට ගියේ එය පාලනයනේ ගිලිහුණු නිසා යැයි ද චීනය පැවැසීය.

ඉන්දියාව, ජපානය ඇතුළු ඇමෙරිකන් හිතවාදී රටවල් රැසකට ද ඔත්තු බැලීමේ බැලූන යැවීමට චීනය සූදානමින් සිටිනවා යැයි පසුගිය දා ඇමෙරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම් වෙන්ඩි ෂර්මන් මාධ්‍ය හමුවේ අනාරණය කර තිබුණි.

ඔත්තු බලන චීන බැලූන සම්බන්ධයෙන් විස්තර රැසක් මේ වනවිට අනාවරණය කර ගැනීමට ඇමෙරිකන් බුද්ධි අංශ සමත් වී ඇතැයි ද ඇමෙරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම්වරිය පැහැදිලි කර තිබේ.

ඉන්දියාව සහ ජපානයට අමතරව, පිලිපීනය, තායිවානය, සහ වියට්නාමය යන රටවලට ඔත්තු බැලීමේ බැලූන් යැවීමට චීනය සූදානමින් සිටි බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

ඔත්තු බැලීමට බැලූන යොදා ගැනීම අතීතයේ පටන් සිදුවෙයි. මෙම බැලූන පාවෙන්නේ අඩි 80,0000 කට ඉහළින් උඩු ගුවනේය. රේඩාර්වලට හසු නොවී යෑමේ හැකියාව මෙම බැලූන සතුය. සාමාන්‍ය මගී ගුවන් යානා පියාසර කරන්නේ අඩි 40,0000 සීමාවේය. ප්‍රහාරක ජෙට් යානා පියාසර කරන්නේ අඩි 65,000 ක් ඉහළිනි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS