න්‍යෂ්ටික සාකච්ඡා රෝමයේ



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකා සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ මීළඟ සාකච්ඡා ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්වීමසට නියමිතය.

මේ බව ඉරාන රජය මෙන්ම ඇමෙරිකන් රජය ද තහවුරු කර ඇත. රෝමයේ දී පැවැත්වෙනු ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවල දෙවැනි වටයයි. 

පළමු වටය පැවැත්වූයේ මීට සතියකට පෙර ඕමානයේ මස්කට් අගනුවරදීය. එහිදී ඕමානය මැදහත්කරුවකු ලෙස කටයුතු කළේය.
ඉරානයට ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, පරමාණු බෝම්බ නිපදවීමේ හැකියාව ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇත. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා විසඳුමක් සෙවීමට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී සිටින්නේ එහෙයිනි.

ඇමෙරිකාව සමඟ පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානය, රුසියාවේ උපදෙස් ලබා ගැනීම සිදු කරයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් ට්‍රම්ප් පරිපාලනය සමඟ පවත්වන එම සාකච්ඡා සම්බන්ධයෙන් රුසියන් විදේශ අමාතළ්‍ය සර්ගේ ලැව්රෝෆ් සමඟ සාකච්ඡා පැවැත්වීය. රෝමයේ දී දෙවැනි වටයේ සාකච්ඡා පැවැත්වීමට තමන් කැමැති බව ඉරානය ඇමෙරිකාවට දැනුම් දුන්නේ ඉන් අනතුරුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS