දීර්ඝතම චන්ද්‍ර ග‍්‍රහණය



21 වැනි සියවසේ දීර්ඝතම චන්ද්‍ර ග‍්‍රහණය පසුගිය ජූලි 27 වැනි ඇසළ පොහොය දා සිදුවිය. බොහෝ දෙනකුට මෙම දුර්ලභ චන්ද්‍ර ග‍්‍රහණය දැක ගැනීමට අවස්ථාවක් උදා වූයේ නැත. ඒ, වැහි වලාකුළුවලින්  අහස පිරී පැවැතීමයි. පෘථිවියට ඇති එකම ස්වාභාවික චන්ද්‍රිකාව ලෙස සැලකෙන්නේ සඳ නැතිනම් චන්ද්‍රයාය. චන්ද්‍ර ග‍්‍රහණයක් යනු චන්ද්‍රයා සහ සූර්යයා අතරට පෘථිවිය පැමිණීමෙන්, පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටී චන්ද්‍රයා අඳුරැ වීමයි.

පසුගිය ඇසළ පෝ දා චන්ද්‍ර ග‍්‍රහණය පැයක් සහ මිනිත්තු 43 ක් පුරාවට පැවැතිණි. බොහෝ දෙනකුට චන්ද්‍ර ග‍්‍රහණය පැහැදිලිව දකින්න නොලැබුණත්, එය පැහැදිලිව දකින්න ලැබුණු අය ද ලොව නන්දෙසින් වාර්තා වේ. චන්ද්‍ර ග‍්‍රහණය වැඩි වේලාවක් පැවැතියේ, චන්ද්‍රයා පෘථිවියේ සිට දුරම ස්ථානක පිහිටා ගමන් කිරීම නිසාය. එහෙයින් කක්ෂගතව ගමන් කළ කාලය සිදුවූයේ සෙමිනි. එය දිර්ඝ චන්ද්‍ර ග‍්‍රහණයක් ඇති කිරීමට සමත් විය.

නාසා ආයතනය සඳහන් කළ අන්දමට චන්ද්‍ර ග‍්‍රහණය නිල වශයෙන් ආරම්භ වූයේ ගි‍්‍රනිච් වේලාවෙන් 1714 ටය. සඳ සෙමින් අඳුරැ වෙද්දී, එය නිල මිශ‍්‍ර කුණු ලේ පැහැයක් ගත්තේය. ගි‍්‍රනිච් වේලාවෙන් 1930 වෙද්දී සම්පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් දිස්විය. චන්ද්‍රයා පෘථිවියේ සෙවණැල්ලෙන් මුළුමනින්ම වැසී යන්න විය. පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ගගනගාමීන් බොහොම පැහැදිලිව චන්ද්‍ර ග‍්‍රහණය නැරඹූ බව පැවැසෙයි.

මීළඟ පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ ලබන වසරේ එනම් 2019 ජනවාරි 21 වැනිදාය. කෙසේ නමුත් මෙය දීර්ඝ චන්ද්‍ර ග‍්‍රහණයක් නොවනු ඇති බවත්, උතුරැ ඇමෙරිකා වැසියන්ට පමණක් එය දකින්න ලැබෙනු ඇති බවත් නාසා තාරකා විද්‍යාඥයෝ කියති.

සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා සැලකෙන්නේ පෘථිවියේ ‘ස්වාභාවික චන්ද්‍රිකාව’ යනුවෙනි. අප සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක බොහොමයකට චන්ද්‍රයෝ සිටිති. කෙසේ නමුත් අපට සිටින්නේ එක චන්ද්‍රයෙක් පමණි. සඳ නිර්මාණය වූයේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් ද අදහස් කිහිපයක් පවතී. පසුගිය දා නව අධ්‍යනයකින් පසු, විද්‍යාඥයන් පෙන්වා දුන්නේ, සඳ නිර්මාණය වූයේ පෘථිවිය, ළඳරැවියේ පැවැති ග‍්‍රහයකු සමඟ ගැටීමෙන් පසුව බවය.

සිදුවුණැයි පැවැසෙන එම ඝට්ටනය කෙතරම් ප‍්‍රබලදැයි කීවොත්, පෘථිවියත් එම අනෙක් ග‍්‍රහලොවත් සුනුවිසුණු වුණු බව ද පැවැසෙයි. ඝට්ටනයෙන් පසු, ඉතිරි වුණු පාෂාණ කැබැලි සහ දූවිලි කැරකෙමින් දූවිලි වලාවක් නිර්මාණය වී ඇත. තාරකා විද්‍යාඥයන් මෙම දූලි වලාව හඳුන්වා දේනනේ ‘සිනෙස්ටියා’ යනුවෙනි. සඳ ලෙස පසුව නිර්මාණය වූයේ එම දූවිලි වලාවය.

සඳ බිහිවූ අයුරැ සම්බන්ධයෙන් මීට පෙර පැවැති අදහස නම්, පෘථිවිය, අඟහරැ තරම් වූ ග‍්‍රහලොවක් සමඟ ගැටී, එහි ප‍්‍රතිඵලයක් ලෙස, සඳ නිර්මාණය වුණු බවය. විද්‍යාඥයන් එම ග‍්‍රහලොව හඳුන්වා දී ඇත්තේ ‘%තියා’ යන නමිනි. ‘තියා’ යනු ගී‍්‍රක මිත්‍යා කථාවල හමුවන ටයිටන්වරයෙකි. ඇය සෙලීන්ගේ මව වෙයි. සෙලීන් යනු සඳ දෙවඟනය.

ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ 11 මෙහෙයුම යටතේ ගගනගාමීන් පෘථිවියට ගෙනා චන්ද්‍ර පාෂාණ පරීක්ෂා කිරීමේදී, පෙනී ගියේ චන්ද්‍ර පාෂාණ සහ පෘථිවි පාෂාණ අතර සමානකම් පවතින බවය. එසේ වූයේ කෙසේදැයි යන්න නොවිසඳුණු අබිරහසකි.

සඳ බිහිවූ අයුරැ සම්බන්ධයෙන් නව අදහස ඉදිරිපත් කර ඇත්තේ හාවඩ් විශ්ව විද්‍යාලයේත් කැලිෆෝනියා ඩේවිස් විශ්ව විද්‍යාලයේත් මහාචාර්යවරැන් පිරිසකි. ඔවුන් මෙම නව අදහස ඉදිරිපත් කිරීමට නාසා විද්‍යාඥයන්ගෙන් අවශ්‍ය දත්ත ලබා ගෙන ඇති බව ද පැවැසෙයි. ‘අපි ඉදිරිපත් කරන මෙම අලුත් අදහස හරහා අපට හැකියාව ලැබෙනවා සඳ සහ සඳේ උපත සම්බන්ධයෙන් අලුත් විදියට හිතන්න. යැයි කැලිෆෝනියා ඩේවිස් විශ්ව විද්‍යාලයේ මහාචාර්වරියක වන සේරා ස්ටෙවාර්ට් කියයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS