‘ජී20’ රාජ්‍ය නායක හමුව
ගෝලීය ආර්ථික අභියෝග සහ ගැටළු හඳුනාගෙන සාකච්ඡා පවත්වා ඒවා විසඳා ගැනීමේ අරමුණින්, ලොව ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායකයන්ගේ හමුව හෙවත් ‘ජී20’ සමුළුව පසුගිය 30 සහ පළමු වැනිදා තෙක් ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් අගනුවරදී පැවැත්විණි.
ආර්ථික සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, ගෝලීව වශයෙන් වැදගත් දේශපාලනික සහ සමාජීය අර්බුද සම්බන්ධයෙන් ද ‘ජී20’ සමුළුවට එක්වුණු රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය.
ආජන්ටිනාව, ඕස්ටේ්රලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනිසියාව, ඉතාලිය, ජපානය, මෙක්සිකෝව, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, තුර්කිය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ස්පාඤ්ඥය සහ යුරෝපා සංගමේ එකමුතුවෙන් ජී 20 නිර්මාණය වී ඇත. ඊට අමතරව ආරාධිත රටවල් ලෙස රටවල් රැසක රාජ්‍ය නායකයෝ ද සමුළුවට එක් වූහ.
‘ජී20’ සමුළුව විහිළුවක් බවත්, රාජ්‍ය නායකයන් රැස්වී කා බී විනෝද වී යන බවත්, ලෝකවාසීන්ට එයින් කිසිදු යහපතක් සිදුනොවන බවත් පෙන්වා දෙමින් බුවර්නෝස් අයර්ස් නුවර විරෝධතා පැවැත්විණි. විරෝධතා පෙළපාළිවලට එක්වුණු පිරිස දහස් ගණනකි. කෙසේ නමුත් විරෝධතාකරුවන්ගෙන් සමුළුවට කිසිදු බාධාවක් එල්ල වූයේ නැත. ආජන්ටිනා රජය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදාව සහ පොලිසිය යෙදවිය. සමුළුවට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණි.
මෙවර සමුළුවේදී රට රටවල් අතරේ පවතින වෙළෙඳ ගැටුම්වලට අමතරව ගෝලීය උණුසුම ඉහළ යෑම, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුද, යුක්රේන අර්බුදය පමණක් නොව, ජමාල් කශොග්ජී ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
‘ජී 20’ කණ්ඩායමේ සිටින එකම මැදපෙරදිග රට වන්නේ සෞදියයි. ජමාල් කශෝජී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් සමුළුවට සහභාගී විය.
සමුළුවේ සත්කාරක ජනාධිපතිවරයා ලෙස ආජන්ටිනා ජනාධිපති මුරිසියෝ මැක්රි සමුළුවේ ආරම්භක දේශනය පවත්වමින් පැමිණ සිටි රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියේ සාකච්ඡා පවත්වා අර්බුද විසඳා ගන්නා ලෙසය. කෙසේ නමුත් එසේ සාකච්ඡා කිරීමකින් අර්බුද සහ ගැටලු විසඳීමක් සිදු නොවුණු බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ මෙම සමුළුවේදී, තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා අර්බුද විසඳා ගන්නා බවය. කෙසේ නමුත් යුක්රේනයේ ක්‍රිමියා පළාත අල්ලාගෙන සිටින රුසියාව පසුගිය දා යුක්රේන නාවික යාත්‍රාවලට වෙඩි තැබීමේ සිදුවීම මුල්කොට ගනිමින් තමන් රුසියානු ජනාධිපතිවරයා හමු නොවන බව ජනාධිපති ට්‍රම්ප් කියා තිබුණි. ඒ අනුව, සමුළුවේදී ට්‍රම්ප් සහ පුටින් දෙදෙනා එකිනෙකා මුණ ගැසීමෙන් වැළැකී සිටි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. කෙසේ නමුත් චීන ජනාධිපති ෂී ජින් පින් සහ ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්වුණු බවත්, චීනය සහ ඇමෙරිකාව අතර පවතින ‘වෙළෙඳ යුද්ධය’ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පැවැත්වුණු බවත් වාර්තා විය.
ලෝක නායකයෝ කිහිප දෙනකු සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන් හමුවී සාකච්ඡා පැවැත්වීය. රුසියානු ජනාධිපති පුටින් අතට අත දී සල්මාන් කුමරු මහත් ආදරයෙන් පිළිගත්තේය. සෞදි කුමරුන් හමුවුණු සෙසු ලෝක නායකයන් අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දුනීසියා උප අගමැති ජුසුෆ් කාලා, මෙක්සිකෝ ජනාධිපති පෙනා නීටෝ, චීන ජනාධිපති ෂී ජින්පින්, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද වෙති.
ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් තමන් කිසිම අවස්ථාවක සල්මාන් කුමරුන් සමඟ අමනාප නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. කෙසේ නමුත් තමන් ජී 20 සමුළුවේදී කුමරුන් හමුනොවන බව ට්‍රම්ප් පෙර අවධාරණය කර තිබුණි. කෙසේ නමුත් ට්‍රම්ප් සහ කුමරුන් අතර කෙටි පිළිසඳරක් පැවැත්වුණු බවත් දෙදෙනා එකිනෙකා දුටු විට සිනහාසුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සල්මාන් කුමරු හමුවුණු අවස්ථාවේදී, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පමණක් නොව බි්රතාන්ය අගමැතිනී තෙරේසා මේ ද විවෘතව අදහස් පළ කළහ. ඔවුන් අවධාරණය කළේ මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් පමණක් නොව, යේමනයේ සිදුවන යුද අපරාධ සම්බන්ධයෙන් ද විනිවිදභාවයකින් යුත් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.
ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවරට ජගත් නායකයෙන් පැමිණ සිටියේ තනිවම නොවෙයි. ජනපති ආර්යාවන් ද ඔවුන් සමඟ පැමිණ සිටි අතර, ඒ සැම උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ආජන්ටිනා ජනාධිපති ආර්යා ජුලියානා අවාදේ විසිනි.
ඇමෙරිකා ජනාධිපති ආර්යාව මෙලානියා ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති ආර්යාව බි්රජෙත් ත්‍රොග්නෝව්, කැනඩා අගමැති බිරිඳ සෝෆි, චීන ජනපති ආර්යාව පෙංග් ලියුඇන්, යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඞ් ටක්ස්ගේ බිරිඳ මැල්ගොර්සාටා, දකුණු කොරියා ජනාධිපති ආර්යාව කිම් ජොන් සූක්, සිංගප්පූරු ජනාධිපති ආර්යා හෝ චිංග්, තුර්කි ජනාධිපති ආර්යා ඉමේනී එර්දෝගාන්, ජපාන අගමැති බිරිඳ අකෙයි අබේ සහ ඉන්දුනීසියානු උප ජනාධිපති බිරිඳ මුෆිදා කල්ලා ආජන්ටිනා ජනපති ආර්යාව ජුලියානා අවාදේ සමඟ සමරු ඡායාරූපයකට පවා එක් වූහ. ඒ, බුවර්නෝස් අයර්ස් අගනුවර පිහිටි විලා කොම්පෝ කෞතුකාගාරය නැරැඹීමට ගිය අවස්ථාවේදීය.
(ඒ.එෆ්.පී.)