අන්තර්ජාලය වසා දැමීමක් යනු කුමක්ද?



මාතෘකාව: අන්තර්ජාලය වසා දැමීමක් (Internet Shutdown) යනු කුමක්ද?

(දකුණු සහ අග්නිදිග ආසියාතික සිවිල් සමාජ සඳහා මාර්ගෝපදේශයකි)

ඩිජිටල්කරණයට ලක් වී ඇති වත්මන් සමාජය තුළ, අන්තර්ජාලයට ප්‍රවේශ වීම දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි. ව්‍යාපාරික කටයුතු, මූල්‍ය ගනුදෙනු සිදුකිරීමේ පටන් සන්නිවේදන කටයුතු සහ අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීම දක්වා එය පැතිර පවතී. ඇතැම් දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල සමාජ අර්බුද ඇති වන කාලසීමාවල අන්තර්ජාලයට පිවිසීම සීමා කළ අවස්ථා හඳුනාගත හැක. මෙතුළින් ජන ජීවිතයට සැලකිය යුතු ලෙස හානි පැමිණ වේ.

අන්තර්ජාලය වසා දැමීමක් යනු කුමක්ද? රජය හෝ වෙනත් සාපරාධි පාර්ශව විසින් අන්තර්ජාලය වසා දැමීමෙන් සිදු වන්නේ කුමක්ද?

අන්තර්ජාලය වසා දැමීම (Internet Shutdown) යනු හුදෙක් අන්තර්ජාලය ප්‍රවේශය මුළුමනින්ම අවහිර කිරීම පමණක් නොවේ. අන්තර්ජාලය වසා දැමීමකදී ඇතැම් වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම අවහිර කිරීම හෝ  අන්තර්ජාල වේගය අඩු කිරීමක් හෝ විය හැකිය. ඩිජිටල් යුගයේ පුරවැසියකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමකදී සිවිල් සමාජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරවීමට දරන ප්‍රයත්න තුළ, විවිධ ආකාරයේ අන්තර්ජාල වසා දැමීම් සහ ඒවා තාක්‍ෂණිකව ක්‍රියාවට නංවන ආකාරය අවබෝධ කර ගැනීම තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත.

මෙම ලිපිය තුළින් අන්තර්ජාල වසා දැමීම්වල විවිධ ස්වරූප, වත්මන් තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ඒවා ක්‍රියාත්මක කරන ආකාරය සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් නිදහස් අන්තර්ජාලය ප්‍රවේශය තහවුරු කිරීමට ක්‍රියා කරන ආකාරය කෙසේදැයි විස්තර කිරීමක් සිදු කරලීමට අපේක්ෂිතයි.

මිත්යා මත සහ වැරදි අර්ථකථන

අන්තර්ජාල වසා දැමීම් යනු අන්තර්ජාලය ප්‍රවේශය සම්පුර්ණයෙන් අවහිර කිරීම හෝ අන්තර්ජාල වාරණය කිරීම ලෙසද අර්ථ දැක්වීමට හැකිය. #KeepItOn සමූහයේ පොදු නිර්වචනයකට අනුව, අන්තර්ජාල වසා දැමීමක් යනු:

නිශ්චිත ජනගහනයක් හෝ ප්රදේශයක් තුළ තොරතුරු ප්රවාහය වීම පාලනය කිරීම සඳහා අන්තර්ජාලය හෝ විද්යුත් සන්නිවේදනය සිතාමතා අඩපණ කිරීම මඟින් අන්තර්ජාල වෙත පිවිසීම සහ එහි ඵලදායී භාවිතය වැළැක්වීමයි.”

ඒ අනුව අන්තර්ජාල වසා දැමීමක් යනු අන්තර්ජාල සම්බන්ධතාව නොමැතිවීමට එහා ගිය සංකල්පයක් බව මින් අර්ථ දැක්විය හැක.  ජංගම සේවා අඩපණ කිරීම්, අන්තර්ජාල සම්බන්ධතා අවහිර කිරීම හෝ මන්දගාමී වීම මෙන්ම තෝරාගත් ඇතැම් අන්තර්ජාල මාධ්‍යයන් අවහිර කිරීමද අන්තර්ජාල වසා දැමීම් ලෙස සැලකිය හැක.

අන්තර්ජාල වාරණය යනු කුමක්ද?

අන්තර්ජාලය වසා දැමීම, අන්තර්ජාල වාරණයේ එක් ස්වරූපයක් ලෙස සැලකිය හැකි නමුත් (ජාල බිඳ වැටීම් හේතුවෙන් පරිශීලකයන්ට අන්තර්ජාලය තුළ සටහන් (ෙපා්ස්ට්) පල කිරීමට හෝ සිය අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වීම නිසා), සෑම අන්තර්ජාලය වසා දැමීමක්ම අන්තර්ජාල වාරණයක් නොවේ.  Access Now ට අනුව මේ දෙක අතර වෙනස රඳා පවතින්නේ අවහිර කරන ලද අන්තර්ජාල යෙදවුම් තුළින් ඉටුවන මූලික අරමුණ මතය.

ඉහත නිර්වචනය තුළ විද්‍යුත් සන්නිවේදනය බිඳ වැටීම යන්න හුවා දක්වයි. එනම් WhatsApp, Facebook සහ Twitter වැනි බහුමාර්ග සන්නිවේදනය සඳහා නිර්මාණය කර ඇති යෙදවුම් අවහිර කිරීම, අන්තර්ජාල වසා දැමීමක් ලෙස සැලකේ. කෙසේ නමුත් ප්‍රවෘත්ති වෙබ් අඩවි වැනි ප්‍රධාන වශයෙන් පුවත් පළකරන මාධ්‍ය  අවහිර කිරීම  අන්තර්ජාල වාරණයක් ලෙස සලකනු ලැබේ.

අන්තර්ජාල වසා දැමීමක් සාධාරණීකරණය කළ හැකිද?

අන්තර්ජාල වාරණය සහ තොරතුරු දැනගැනීම පාලනය කිරීම හැරුණු විට, රාජ්‍ය පාර්ශවකරුවන් විසින් අන්තර්ජාල වසා දැමීම හා ජාල බිඳවැටීම් සම්බන්ධව විවිධ සාධාරණීකරණ ඉදිරිපත් කෙරේ. Access Now හි හිටපු ප්‍රතිපත්ති සම්පාදකයෙක් වන Deniz Duru Aydin ට අනුව රජය විසින් ඉදිරිපත් කරන එවන් නිදහසට කරුණු කිහිපයක් නම්:

● ජාතික ආරක්ෂාව:

මෙය අන්තර්ජාලය වසා දැමීම් සඳහා අතිශය සුලබ සාධාරණීකරණයයි. මෙහි විහිලු සහගත කරුණ නම්, පුද්ගලයාට තොරතුරු දැනගැනීම සඳහා අවකාශයක් නොමැති විට සහ ඔවුන්ගේ හිතවතුන් හා සම්බන්ධ විය නොහැකි විට කිසිසේත්ම ආරක්ෂාවක් නොදැනීමයි. 

● මැතිවරණ කටයුතු:

මැතිවරණය සම්බන්ධ සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් අන්තර්ජාල වසා දැමීම් පනවයි. යථාර්ථය නම්, අන්තර්ජාල වසා දැමීම් මඟින් මාධ්‍යවේදීන්ට සහ ස්වාධීන මැතිවරණ නිරීක්‍ෂණකයන්ට  සන්නිවේදනයට සහ මැතිවරණ නිරීක්ෂණයට බාධා එල්ල වීමයි.

●  විරෝධතා:

නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාල වසා දැමීම් සිදු කරනවා යැයි පැවසුවද එතුළින් පුද්ගලයාට සත්‍ය තොරතුරු වසන් කිරීම සිදු වේ.

● පාසල් විභාග:

විභාග වංචා වැළැක්වීමේ උත්සාහයක් ලෙස අන්තර්ජාල වසා දැමීම් සිදු කළද එමඟින් අපේක්ෂිත කරුණ වෙනුවට බොහෝ දෙනෙක් හට තොරතුරු ප්‍රවේශය නොලැබීමෙන් අපහසුතා ඇති වේ.

●රාජ්‍ය තාන්ත්‍රික පැමිණීම්-  

මෙරට සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට  අන්තර්ජාල වසා දැමීම් පැනවූවද, එමඟින් පුද්ගල තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා එල්ල කර ඇත.

මෑත කාලීනව, දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් බොහෝමයක රජයන් විසින් අන්තර්ජාල වසා දැමීම් මෙපරිද්දන් සාධාරණිකරණය කර ඇත. Access Now හි වාර්තාවකට අනුව, මෙම කලාප දෙක තුළ අන්තර්ජාල වසා දැමීම් ඉහළ අගයක් ගනී. 2021 දී, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය සහ පකිස්ථානය යන රටවල අන්තර්ජාල වසා දැමීම් වාර 128ක් වාර්තා වී ඇත. මෙහි  සත්‍ය සංඛ්‍යාත්මක අගය මීට වඩා වැඩි විය හැක.

2012 වසරේ සිට අවම වශයෙන් අන්තර්ජාල වසා දැමීම් 665ක් වාර්තා කරමින් ඉන්දියාව අන්තර්ජාල වසා දැමීම් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැඳී සිටියි. මියන්මාරයටද මෙහි ඉහළ තැනක් හිමි වී ඇත්තේ 2021 වසරේ සිදුවු හමුදා කුමන්ත්‍රණයත් සමඟ අවම වශයෙන් 15 වාරයක් අන්තර්ජාල වසා දැමීම් පනවා ඇති නිසාය.  මහජන විරෝධතා මධ්‍යයේ, මිලිටරි ජුන්ටාව විසින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල ප්‍රවේශය අවහිර කිරීමට නියෝග කර ඇති  අතර මෑතකදී අතථ් පෞද්ගලික ජාල භාවිතයද (VPN) නියාමනය කිරීමටද කුරිරු ලෙස පියවර ගෙන තිබේ.

2019 දී ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රාන්තයට බලපවත්වන පරිදි අන්තර්ජාල වසා දැමීම් රැසක් සිදුවීම ප්‍රචලිත වූ අතර යම් සමාජ කලහකාරි තත්ත්ව ඇති වූ විට අන්තර්ජාල ප්‍රවේශය අවහිර කිරීම නීත්‍යනුකූල බව 2021 එරට අධිකරණය තීන්දු කළේය. බංග්ලාදේශය තුළද විරෝධතා මැඩපැවැත්වීම, ආගමික ගැටුම් පාලනය කිරීම, ජාතික මැතිවරණය සම්බන්ධයෙන් කටකතා සහ අසත්‍ය ප්‍රචාර වැළැක්වීම සඳහා අන්තර්ජාල වසා දැමීම් කිහිප වතාවක් සිදු කොට ඇත.

පාකිස්තානයේ ගැටලුකාරී  දේශසීමා ප්‍රදේශවලද මෙවැනි සමාජ ජාල බාධා බිඳවැටීම් වාර්තා වී ඇත. 2015 දී පාප් වහන්සේගේ  සංචාරය සහ වෙනත් උත්සව අවස්ථා කිහිපයක් අතරතුර පිලිපීනයේද  මෑතකාලීනව සිදුවූ  ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ විරෝධතා අතරතුරදී ශ්‍රී ලංකාවේ ද මෙකී අන්තර්ජාල වසා දැමීම් සිදු විය.

අන්තර්ජාලය ක්රියා කරන්නේ කෙසේද?

අන්තර්ජාලය වසා දැමීමේ තාක්ෂණික පසුබිම අවබෝධ කර ගැනීමට පෙර අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම වැදගත්ය. Oxford ශබ්දකෝෂයට අනුව අන්තර්ජාලය යනු:

"නිශ්චිත සන්නිවේදන ප්රොටෝකෝල හරහා අන්තර් සම්බන්ධ වූ ජාලවලින් සමන්විත විවිධ තොරතුරු සහ සන්නිවේදන පහසුකම් සපයන ගෝලීය පරිගණක ජාලයකි. එය ලෝක ව්යාප්ත සබඳතා ජාලගත කරන්නා වූ තාක්ෂණික පදනමයි.”

අන්තර්ජාලය යනු, රවුටරයක් ​​සමඟ සම්බන්ධ වූ පරිගණක සමූහයක් වන අතර එය තවත් එවැනි පරිගණක පොකුරකින් සමන්විත රවුටරයක් හා සම්බන්ධ වේ. අන්තර්ජාල සේවා සපයන ආයතන (ISP) විසින් මෙම රවුටර රැහැන් සහිත හෝ රැහැන් රහිත ආකාරයට එකිනෙක සම්බන්ධ කරයි. පරිශීලකයින් අන්තර්ජාලයට පිවිසීම සඳහා සිය පරිගණකවල ඇති වෙබ් ප්‍රවේශ මෘදුකාංග (අන්තර්ජාල බ්‍රව්සර) හරහා වෙබ් පිටු හෝ යෙදුම් සඳහා දත්ත ගබඩා කරන විශේෂිත පරිගණක වන ස(ර්)වර පරිගණක හා සම්බන්ධ වේ.

පරිශීලකයෙකු සිය වෙබ් බ්‍රවුසරයේ වෙබ් ලිපිනයක් සඳහන් කරන විට, එහි පසුබිමේ බොහෝ දේවල් සිදු වේ:

● බ්‍රවුසරය, ඩොමේන් නාම පද්ධතිය  (DNS)  ඇතුළත් ස(ර්)වරය වෙත පිවිස අදාල වෙබ් අඩවියේ සත්කාරක ස(ර්)වරයේ අන්තර්ජාල ප්‍රොටෝකෝල (IP) ලිපිනය සොයා ගනී.

● දැන් බ්‍රවුසරය වෙබ් අඩවියේ පිහිටීම දන්නා බැවින්, සිය සේවාදායකයාට අදාල දත්ත ලැබීමට සලස්වන මෙන් ස(ර්)වරයට “Hypertext Transfer Protocol” (HTTP) ඉල්ලීමක් යවයි.  මෙම පණිවිඩය මෙන්ම පරිශිලකයා  හා  ස(ර්)වරය අතර යැවෙන සියලුම පණිවිඩ,  දත්ත සම්ප්‍රේෂණ පාලන ප්‍රොටෝකෝලය (TCP)/IP භාවිතයෙන් අන්තර්ජාලය  හරහා හුවමාරු වේ.

● අනතුරුව ස(ර්)වරය විසින් “200 OK”ලෙස පණිවිඩයක් යැවීමෙන් අනතුරුව වෙබ් අඩවියේ තොරතුරු, දත්ත පැකට්ටු (Data Packets) ලෙස හඳුන්වන කුඩා දත්ත කොටස් රැසකින් යුතුව බ්‍රවුසරය වෙත යවයි.

● බ්‍රවුසරය මඟින් අදාල දත්ත පැකට්ටු එකලස් කර සම්පූර්ණ වෙබ් පිටුවක් ලෙස පරිශීලකයාට ප්‍රදර්ශනය කරයි.

මෙහි දැක්වෙන පරිදි, වෙබ් අඩවියකට පිවිසීම සඳහා බොහෝ සංරචක (components) සම්බන්ධ වීම සිදු විය යුතුය. අන්තර්ජාලය වසා දැමීමකදී, මෙකී සංරචක ඉලක්ක කෙරේ. අන්තර්ජාලයේ ව්‍යුහය සහ එය ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීම වැදගත් වන්නේ එතුළින් අන්තර්ජාල වසා දැමීමක් සිදුවන්නේ ජාලයේ කුමන ස්ථානවලින්ද යන්න සහ සහ එය සිදුකළේ කෙසේද යන්න හඳුනා ගත හැකි බැවිනි.

අන්තර්ජාල වසා දැමීමේ තාක්ෂණික පැතිකඩ

ඉහත අන්තර්ජාලය ක්‍රියා කරන්නේ කෙසේද යන කෙටි පැහැදිලි කිරීම මඟින්, බොහෝ සංරචක එක්ව වෙබ් ව්‍යූහය සාදන බව පෙනී යයි. ජාලයක විවිධ ස්ථාන අඩපණ කිරීම මඟින් අන්තර්ජාල වසා දැමීම් සිදු කළ හැකිය. “Access Now”, “Jigsaw” වැනි සංවිධාන මඟින් අන්තර්ජාල වසා දැමීම් පිළිබඳ කරන ලද පර්යේෂණ තුළින් එවැනි ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇත.

1. International internet backbone:

දිය යට ඇති ප්‍රකාශ තන්තු (Fiber Optics) මඟින් අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් සපයයි. මෙම ජාලයේ යම් හානියක් හෝ බාධාවක් සිදුවුවහොත්, අදාල රටෙහි සියලුම පරිශීලකයන් සහ සේවාවන්ට බලපෑම් එල්ල වනු ඇත.

2. Internet gateway:

මෙමඟින් ජාත්‍යන්තර අන්තර්ජාල සම්බන්ධතාවය දේශීය ජාලයට සම්බන්ධ කරන බැවින් රටක අන්තර්ජාල සම්බන්ධතාවයේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

3. National and local internet service providers:

අන්තර්ජාල සේවා සපයන්නන් (ISPs) ඇතැම් ප්‍රදේශවලට අන්තර්ජාල සම්බන්ධතාව සපයයි. මෙම සම්බන්ධතාවයට බාධා ඇති වුවහොත්, අදාල ජාලයට සම්බන්ධ සියලුම පරිශීලකයින්ට එය බලපානු ඇත.

4. Single spot:

 (තනි ජංගම දුරකථන කුළුණක් හෝ නිශ්චිත කුඩා ප්‍රදේශයක්): මෙම මට්ටමේ ජාල බිඳ වැටීමක් ඉතා සැලසුම් සහගත බිඳවැටීමක් වන්නේ එමඟින්  ඉලක්කගත ජංගම දුරකථන කුළුණේ ග්‍රාහකයින්ට පමණක් එය බලපාන බැවිනි.

බලපෑම්කරුවන් අන්තර්ජාල වසා දැමීම් සිදු කරන්නේ කෙසේද? අන්තර්ජාලය සඳහා "ඔන්" සහ "ඕෆ්" ස්විචයක් තිබේද?

රජය විසින් (රජයට අයත් සේවා සපයන්නන් හරහා)  අන්තර්ජාල පහසුකම් පාලනය කරන විටදී වෙනත් පාර්ශවවලින් තොරව පහසුවෙන් අන්තර්ජාල ප්‍රවේශය පාලනය කළ හැකිය. නො එසේ නම්,   ISPs හට ජාල සම්බන්ධතා  සීමා කිරීමට හෝ ඇතැම් වෙබ් අඩවි අවහිර කිරීමට නියෝග කළ හැකිය. ජාල බිඳවැටීම සිදුකිරීමේ අරමුණ අනුව, අන්තර්ජාල සේවා සපයන්නන් (ISPs) විසින් පහත දක්වා ඇති ක්‍රමවලින් එකක් භාවිත කරනු ලැබේ:

  1. මූලික අන්තර්ජාල පහසුකම් නැවැත්වීම: අන්තර්ජාල සේවා සඳහා අවශ්‍ය භෞතික සන්නිවේදන උපාංග බිඳවැටීම හෝ ඒවාට හානි වීම මඟින් මෙවැනි අන්තර්ජාල වසා දැමීම් සිදු වේ. බල පුවරුවක් හෝ ජංගම දුරකථන කුළුණක් විනාශ වීම/කිරීම මෙයට නිදසුනකි.
  1. මන් මාර්ග පාලනය කිරීම: ජාල ගමනාගමනයට අදාල ප්‍රමුඛ ස්ථානවල (ජාත්‍යන්තර ද්වාරය වැනි)  මාර්ග තොරතුරු වෙනස් කිරීම මඟින් පාලිත ව්‍යුහයෙන් ඔබ්බට නොයන ලෙස ගමනාගමනය අවහිර කිරීම.
  1. NS හැසිරවීම: DNS යනු පුද්ගලයාට තේරුම් ගත හැකි (google.com වැනි) ඩොමේන් නාම, යන්ත්‍ර භාෂාවෙන් කියවිය හැකි IP ලිපිනවලට (142.251.32.46 වැනි) පරිවර්තනය කරන නාමකරණ පද්ධතියකි. DNS තොරතුරු පාලනය කිරීමෙන් ඉලක්කගත සේවාවන් වසා දැමිය හැක. මෙහිදී භාවිතයේ නොපවතින සර්වරයකට හෝ බලපෑම්කරුවන් විසින් පාලනය කරන සර්වරයකට පරිශීලකයන් යොමු කිරීමට DNS තොරතුරු හසුරුවනු ලැබේ.
  1. දත්ත පෙරහන් කිරීම: මෙම ආකාරයේ වසා දැමීමකදී , අන්තර්ජාල සේවා සඳහා ප්‍රවේශය අවහිර කරන අතර ඒ සඳහා වාණිජ පෙරහන් උපාංග සහ  ට්‍රාන්ස්පේරන්ට් ප්‍රොක්සි උපාංග භාවිතා කෙරේ. මෙම  පෙරහන් උපාංග මඟින් ජාල ගමනාගමනයේ යෙදෙන මෙටා දත්ත විශ්ලේෂණය කිරීම මත පදනම්ව ප්‍රවේශයට ඉඩ දීම හෝ අවහිර කිරීම සිදු කරයි.
  1. අවකරණය: මෙම ආකාරයේ වසා දැමීමකදී, ජාලය හරහා දත්ත ප්‍රවාහය පූර්ණ වශයෙන් අවහිර නොකෙරන අතර  සීමා කිරීම පමණක් සිදුවේ. එනම් අන්තර්ජාලය හෝ නියමිත සේවාවන් වෙත ප්‍රවේශ වීම මන්දගාමී කිරීම මඟින් අදාල සේවාව හෝ සම්පත් ඵලදායී ලෙස භාවිතයට ගත නොහැකි බවට පත් කිරීමයි; නිදසුනක් ලෙස, ජංගම අන්තර්ජාලය 2G වෙත පහත හෙලීම හෝ දත්ත වේගය සීමා කිරීම දැක්විය හැක.
  1. ගැඹුරු පැකට් පරීක්ෂාව: මෙම ආකාරයේ වසා දැමීමකදී, ජාලයේ ඇති දත්ත පරීක්ෂා කර නිරීක්ෂණය කරනු ලැබේ. අන්තර්ජාල වසාදැමීම සිදුකරන පාර්ශවය විසින් පනවා ඇති නිර්ණායක වලට යම් දත්ත පැකට්ටුවක්  අනුකූල නොවන බව අනාවරණය වුවහොත්, අදාල දත්ත පැකට්ටුව පරීක්ෂණ ස්ථානය (inspection point) හරහා ගමන් කිරීම අවහිර කරනු ලැබේ.
  1. වා ප්‍රතිශේධන (Denial of Service - DoS) ප්‍රහාරය: මෙමඟින් පරිශීලකයින්ට ප්‍රවේශ විය නොහැකි පරිදි යන්ත්‍රයක් හෝ ජාලයක් වසා දැමීම සිදුවේ.  අදාල අන්තර්ජාල  මාධ්‍යයට හෝ සර්වරයට ව්‍යාජ ජාල තදබදයක් පෙන්නුම් කෙරෙන අතර  පරිශීලකයින්ට දත්ත සැපයීම වැළැක්වීම සඳහා ස(ර්)වරය කාර්යබහුලව තබා ගැනීම සිදුවේ. 

අන්තර්ජාලය වසා දැමීම් පිළිබඳව දැනුවත් කිරීම

බොහෝ පර්යේෂණ ආයතන සහ සිවිල් සමාජ කණ්ඩායම් ලොව පුරා අන්තර්ජාල වසා දැමීම් නිරීක්ෂණය සහ අධීක්ෂණය කරයි. Open Observatory of Network Interference (OONI) විසින් වෙබ් අඩවි අවහිර කිරීම මැන ගැනීම සඳහා ජංගම යෙදුමක් නිපදවා ඇති අතර එහි දත්ත OONI Explorer හි ප්‍රකාශයට පත් කොට ඇත. Internet Outage Detection and Analysis (IODA) නම් ව්‍යාපෘතිය මඟින් ජාලයක අවසන් කොටස්වලට බලපෑම් කළ හැකි අතිශය කුඩා අන්තර්ජාල ඇනහිටීම් හඳුනාගැනීම සඳහා අන්තර්ජාලය නිරීක්ෂණය කරන අතර, Censored Planet මඟින් රටවල් 200කට අධික සංඛ්‍යාවක දත්ත රැස් කිරීම තුළින් අන්තර්ජාල වාරණ පැවතීම හෝ නොපැවතීම පිළිබඳ පෙරැයීම් කරයි.  Google හි විනිවිද වාර්තා (Transparency Reports) මඟින් සිය යෙදවුම් වෙත පැමිණි ගමනාගමන අවහිරතා පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කරන අතර එමඟින් අන්තර්ජාල වසාදැමීම් පෙන්නුම් කරන තත්‍ය කාලීන ප්‍රවේශ අවහිරතා (real time access disruption) සටහන් කිරීමද සිදුවේ. OONI, Access Now, සහ EngageMedia වැනි කණ්ඩායම් විසින් ලොව පුරා අන්තර්ජාල වසා දැමීමේ සිද්ධීන් ලේඛනගත කිරීම සඳහා, බොහෝ පර්යේෂණ වාර්තා ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ වෙනුවෙන් සම්පත් ද නිකුත් කර ඇත.

අන්තර්ජාලය වසා දැමීම් නිරීක්ෂණය කිරීම සහ ලේඛනගත කිරීම වැදගත් වන්නේ එතුළින් මේ සම්බන්ධ මහජන දැනුවත්බාවය ඇති කිරීමට මෙන්ම  අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් වගකිව යුත්තන් බවට පත්කිරීමට අදාල බලධාරීන්ට බලපෑම් කිරීමට හැකි වන බැවිනි. රජයන් විසින් ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා අන්තර්ජාල වසා දැමීම් අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සාධාරණීකරණය කරන නමුත් මෙම පියවරයන් හේතුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටපත් කිරීම,  මාධ්‍යවේදීන්ට සහ සමාජ ක්‍රියාකාරීන්ට සිය වෘත්තියේ නිරත වීමට බාධා පැමිණවීම ඇතුළු  බොහෝ ආර්ථික, දේශපාලන හා සමාජීය ගැටලුවලට මඟ පාදයි.

අන්තර්ජාල වසා දැමීම්  පිළිබඳ ලේඛනගත කිරීම සහ අන්තර්ජාල ප්‍රවේශයන් සීමා කෙරෙන අවස්ථා පිළිබඳ පැමිණිලි කිරීම සහ ඒවාට පිළියම් යොදාගැනීම සම්බන්ධයෙන් පුද්ගල අවබෝධය වර්ධනය කළ හැකිය. එවිට ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට සහ සිවිල් සමාජයේ පුද්ගලයන්ට මෙවැනි ඩිජිටල් ඒකාධිකාරි ක්‍රියාවන්ට එරෙහිව දැනට ගෙන ඇති ප්‍රයත්නයන් වඩාත් ඵලදායී ලෙස ශක්තිමත් කළ හැකිය.

(#හෑෂ්ටැග් පරපුර)


RECOMMEND POSTS