පිළිකා සෛල නසන බීතෝවන්ගේ සංධ්වනි
පිළිකා නැසීමට සංගීතය යොදා ගත හැකි දැයි පර්යේෂණාත්මකව විමසා බලන්නට විද්‍යාඥයන් පිරිසක් යොමු වී සිටිති. ඔවුන් ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ ලෝක ප්‍රකට බටහිර සංගීතඥ බිතෝවන්ගේ පස්වැනි සංධවනියයි. ඔවුන් කළ පළමු වැනි අත්හදා බැලීමෙන් ම ඒ සංධවනියට පිළිකා සෛල සියයට 20 ක් විනාශ කළ හැකි බව අනාවරණය කර ගෙන ඇත. මෙම පර්යේෂණයට එක් වී සිටින්නේ, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමකි.
මේ විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දෙන්නේ ආචාර්ය මාර්ෂියා ඇල්වෙස් මාර්කේස් කැපෙල්ලාය. ඔහුගේ නායකත්වයෙන් යුත් මෙම විද්‍යාඥ කණ්ඩායම විවිධ සංගීත ශෛලීන්ට නිරෝගී සහ පිළිකා සෛල විශේෂ දෙකම නිරාවරණය කර ඇතැයි පැවැසෙයි. පුදුමය නම්, බීතෝවන්ගේ පස් වැනි සංධ්වනි දින කිහිපයක් තුළ පිළිකා සෛල වලින් සියයට 20 ක් පමණ විනාශ කළ අතර, නිරෝගී සෛලවලට එයින් කිසිදු බලපෑමක් සිදු වී නැත. ජෝර්ජ් ලිගෙටිගේ ඇට්මොස්ෆියර්ස් සමඟ ද සමාන බලපෑමක් දක්නට ලැබුණත්, මොසාර්ට්ගේ පියානෝ දෙකක් සඳහා වූ සොනාටාව මගින් මැනිය හැකි තරම් බලපෑමක් පෙන්නුම් කර නැත.
මේ අයුරින්, පිළිකා සෛල විනාශ කිරීමට හැකි වීම කෙසේදැයි යන්න මෙතෙක් තහවුරු වී නැති නමුත්, රිද්මය, සංඛ්‍යාතය හෝ තීව්‍රතාව ප්‍රධාන සාධක විය හැකි බව පර්යේෂකයෝ අනුමාන කරති. මෙම අපූරු සංසිද්ධිය පිළිබඳව වැඩි විස්තර සොයා ගැනීමට බ්‍රසීලියානු සම්බා සහ ෆන්ක් ඇතුළු තවත් පරීක්ෂණ සැලසුම් කර ඇත. මේ සම්බන්ධ පර්යේෂණයේ මුල් අදියරේ පවතින නමුත්, පිළිකා රෝගීන්ට මෙය කණට මිහිරි පුවතක් වනු නොඅනුමානය.
ලූඩ්විග් වෑන් බීතෝවන් (Ludwig van Beethoven) යනු ජර්මානු ජාතික, සංගීත නිර්මාණකරුවෙකි; පියානෝ වාදකයෙකි. බටහිර සංගීතයේ ඉතිහාසයේ ඉතාම වැදගත් චරිතයකි. බීතෝවන් උපන්නේ, 1770 දෙසැම්බර් 16 වැනිදාය. ඔහු මියගියේ 1827 මාර්තු 26 වැනිදාය. සංධ්වනි 5 (Symphony No. 5), සංධ්වනි 9 (Symphony No. 9), එලිස් (Für Elise), මූන්ලයිට් සොනාටා (Moonlight Sonata) ආදිය බීතෝවන්ගේ විශිෂ්ට නිර්මාණයන්ය. ජීවිතයේ අවසන් කාලයේදී බිහිරි වුණත්, බීතෝවන් ඒ කාලය තුළ විශිෂ්ට සංගීත නිර්මාණ රැසක් කිරීම ඇත්තෙන්ම විස්මයජනකය. ඔහුගේ සංගීතය ගැඹුරු හැඟීම් සහ නිර්මාණශීලිත්වයෙන් පිරී පවතී. ඔහුගේ සංගීතය අදටත් ලෝකයේ ජනප්‍රියය.
(ලයිව් සයන්ස්)