හජ් වෙනුවෙන් 94,000 වඩා වැඩ කරලා



මෙම වසරේ හජ් ආගමික වතාවත් සාර්ථක කරගැනීම සඳහා පුද්ගලයින් 94,000 කට වැඩි පිරිසක් සේවය කර ඇති බව වාර්තා වේ.

විවිධ ක්ෂේත්‍රවල සහ බැතිමතුන්ට වෙන්කර තිබු සේවා ස්ථානවල බැතිමතුන්ට අවශ්‍ය සේවාවන් ලබාදීම සඳහා මෙම පිරිස සේවයේ යොදවා ඇත.

විශේෂිත මධ්‍යස්ථාන කිහිපයක් හරහා සියළුම සේවාවන් අධීක්ෂණය කර ඇති අතර, ඒකාබද්ධ මෙහෙයුම් පද්ධතියක් තුළින් සේවාවන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට සහ වන්දනාකරුවන්ට ලබාදෙන සේවාවන් වැඩි දියුණු කිරීමට අමාත්‍යාංශය දරන උත්සාහයේ කොටසක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS