බැතිමතුන්ව ප්‍රවාහනය කළ 49ක් අල්ලයි



සෞදි අරාබියේ හජ් වන්දනාවට නීතිවිරෝධිව පැමිණි පුද්ගලයින්ව ප්‍රවාහනය කළ පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හජ් ආගමික වතාවත් ඉටු කිරීමට අවසර නොමැති පුද්ගලයින් 197 දෙනෙකු ප්‍රවාහනය කිරීමෙන් හජ් රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම 49 දෙනා හජ් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

මක්කම නුවරට ඇතුළු වන දොරටුවලදී 49 දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් 49දෙනා අතරට විදේශිකයන් 18 දෙනෙකු සහ පුරවැසියන් 31 දෙනෙකු අයත් වේ.

දඬුවම් අතරට සිරගත කිරීම, සෞදි රියාල් 100,000 දක්වා දඩයක්, ප්‍රවාහනය කරන්නන් ප්‍රසිද්ධියේ නම් කිරීම, දඬුවම සම්පූර්ණ කිරීමෙන් පසු වසර 10 ක නැවත සෞදි අරාබියට ඇතුළුවීමේ තහනමක් සහිත විදේශිකයන් පිටුවහල් කිරීම සහ උල්ලංඝනය කිරීම් සඳහා භාවිතා කරන වාහන රාජසන්තක කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ඇතුළත් වේ.

අනවසර වන්දනාකරුවන්ට සෞදි රියාල් 20,000 දක්වා දඩ මුදල් අය කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS