බටහිර තුර්කියට භූමිකම්පාවක්



බටහිර තුර්කිය ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක් ලෙසය. භූමිකම්පාවෙන් හානි සිදුවූයේ බොලිකෙසර් සහ සින්ඩ්‍රිල් යන නගරවලටය. නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය.

භූමිකම්පාව හටගත්තේ ඊයේ (10) රාත්‍රී 7.53 ට පමණය. තුර්කි බලධාරීන් පැවැසුවේ පුද්ගලයන් දෙදෙනකු මියගොස් 29 දෙනකු බරපතල තුවාල ලැබූ බවය. කඩා වැටුණු නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේවනවිට ආරම්භ වී ඇත.

මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය, ඉස්තාන්බුල් සහ ඉස්මීර් වැනි නගරවලට ද දැනී ඇත. භූමිකම්පාවෙන් මිනිත්තු කීපයක් යද්දී රික්ටර් පරිමාණයේ 4.6 ක් සටහන් කළ පසු කම්පනයක් ද හට ගත්තේය.

තුර්කිය පිහිටා ඇත්තේ භූතැටි මායිමකට ඉහළින් බැවින්, භූමිකම්පා හට ගැනීම බහුලව සිදුවෙයි. 2023 පෙබරවාරි මාසයේදී දකුණු-බටහිර තුර්කියේ හටගත් අති ප්‍රබල භූමිකම්පාවකින්, 53,000කට වැඩි පිරිසක් මියගිය අතර, පුරාණ ඇන්ටියොක් නගරය ද විනාශ විය.

පසුගිය ජූලි මස මුලදී ද එම කලාපයේම රික්ටර් මාපකයේ 5.8ක භූමිකම්පාවක් හටගත් අතර, එහිදී එක් අයකු මිය ගොස් 69 දෙනෙකු තුවාල ලැබූහ.


RECOMMEND POSTS