ගුවන් කලාප යළි ඇරෙයි
ඊශ්‍රායල ඉරාන ගැටුම හමුවේ, වසා දැමුණු සිරියානු ගුවන් සීමාව යළි විවෘත කළ බව පැවැසෙයි. කලාපීය වශයෙන් පැවති නොසන්සුන්තා හේතුවෙන් අත්හිටුවා තිබූ ගුවන් මෙහෙයුම් යථා තත්ත්වයට පත් වී ඇතැයි ද වාර්තා වේ.
ඕමාන එයාර් (Oman Air) ආයතනය නිවේදනය කළේ කලාපීය නොසන්සුන්තා හේතුවෙන් ඊයේ (23) රාත්‍රියේ අවලංගු කරන ලද සිය ගුවන් මෙහෙයුම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවය.
කටාර් සහ ඉරාකය ද සිය ගුවන් සීමාවන් යළි විවෘත කර ඇති අතර, ගුවන් සේවා සමාගම් අද (24) සිට සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව තහවුරු කර ඇත.