ගාසාවේ ප්‍රදේශ කීපයක තෙදින සටන් විරාමයක්

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇතිකරගත් සටන් විරාමයකට අනුව, ගාසා තීරයේ ගාසා නගරයත්, ඩෙයාර් අල් බාලා සහ මුවාසි යන ප්‍රදේශවලත් තෙදින සටන් විරාමයක් ආරම්භ විය.
ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නැවත දැනුම් දෙන තුරු ගාසා නගරයේත්, ඩෙයාර් අල් බාලා සහ මුවාසි යන ප්‍රදේශවලත් හමුදා ක්‍රියාකාරකම් කිසිවක් සිදු නොවනු ඇති බවය.
ආහාර නොමැතිව සාගින්නේ පසුවන පලස්තීන වැසියන්ට අවශ්‍ය ආධාර ගුවනින් බෙදා දීමට ඊශ්‍රායල හමුදාව පියවර ගෙන ඇත. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම කළ බලකිරීම් හේතුවෙනි.
(ඒ.එෆ්.පී.)

