වෙඩිතැබීම ගැන එමිරේටය කනස්සල්ලෙන්
ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය දැඩි ලෙස කනස්සලලෙන් පසුවන බව වාර්තා වේ.
අහිංසක ජනතාව ඉලක්ක කරගත් සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් ස්ථිරවම ප්‍රතික්ෂේප කරන බවත්, මෙම සාපරාධී ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ ය.
මෙම දරුණු සාපරාධී ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයින්ගේ පවුල්වලට සහ ඔස්ට්‍රියාවේ රජයට සහ ජනතාවට අමාත්‍යාංශය සිය අවංක ශෝකය පළ කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)