ඊශ්‍රායලය සිරියාව සටන් විරාමයකට කැමතියි

ගැටුම් නවත්වමින් සටන් විරාමයකට යෑමට ඊශ්‍රායලය සහ සිරියාව එකඟ වී සිටී. ඊශ්‍රායලය සහ සිරියාව අතරේ සටන් විරාමයකට යෑම සිදුවූ බව පැවැසෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මෙන්ම සිරියාවේ නව නායක අහමඩ් අල්-ෂාරා ද පවසා ඇත්තේ සටන් විරාමයකට තමන් කැමැති බවය. බෙන්ජමින් නෙදන්යාහු මෙන්ම, අහමඩ් අල්-ෂාරා ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වති.
මේ වනවිට සිරියාවේ වාර්ගික ගැටුම් ද පවතී. ඊශ්‍රායලය පසුගිය දා සිරියාවේ ඩමැස්කස් අගනුවර හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලට ගුවන් ප්‍රහාර එල්ල කළේ එසේ වාර්ගික ගැටුම් පවතිද්දීය. වාර්ගික ගැටුම් ද වහා නැවැත්වීමට සිරියානු නව නායකයා සහ අන්තර්වාර රජය ප්‍රතිඥා දී ඇත.
වාර්ගික ගැටුම්වලදී ඊශ්‍රායලය සහාය දක්වන්නේ, ඩෘස් නමැති සුළු ජාතිකයන්ටය. තමන් සිරියාවේ හමුදා මූලස්ථානයට පහර දුන්නේ ද ඩෘස් සුළු ජාතිකයන් ආරක්ෂා කර ගැනීමට යැයි ඊශ්‍රායල රජය පවසා ඇත. ඩෘස් සුළු ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට පහර දෙන ෂියා මුස්ලිම් කණ්ඩායම්, ඉරාන හිතවාදීන්ය.
(ඒ.එෆ්.පී.)

