ඊශ්‍රායල යුක්රේනය ඉරානය ගැන සාකච්ඡා

ඉරානයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන්, ඊශ්‍රායලය සහ යුක්රේනය අතරේ සාකච්ඡා පැවැත්විණි.
ඉරානය, ඊශ්‍රායලයටත් යුක්රේනයටත් තර්ජනයක් වී ඇත්තේ, ඉරානයට රුසියාවේ සහාය සහ අනුග්‍රහය ලැබෙන බැවිනි. රුසියන් යුක්රේන යුද්ධයේදී, රුසියන් හමුදා යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා ඩ්‍රෝන යානා රුසියාවට නිපදවා දෙන්නේ ද ඉරානය යැයි චෝදනා එල්ල වී ඇත.
ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගඩියොන් සාර්, යුක්රේනයේ කීව් අගනුවරට පැමිණ සිටී. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ යුක්රේන විදේශ අමාත්‍ය ඇන්ඩි්‍රලි සයිබියා සමඟත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟත් සාකච්ඡා පැවැත්විණි. ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයකු යුක්රේනයට පැමිණියේ 2003 වසරින් පසුවය.
‘ඉරානය ඊශ්‍රායලයටත් යුක්රේනයටත් තර්ජනයක්. යුක්රේනය සිටින්නේ, න්‍යෂ්ටික අවි නිපදවීමට ඉරානයට ඉඩ නොදිය යුතුයි යන ස්ථාවරයේ. ඒ ගැන මා ඊශ්‍රායල රජය වෙනුවෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට ස්තුති කරන්න කැමැතියි’ යැයි ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගඩියොන් සාර් මාධ්‍ය හමුවේදී පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)

