බහරේන් කුමරු ධවල මන්දිරයේ

බහරේන් රාජ්‍යයේ ඔටුන්න හිමි සල්මාන් බින් හමාඩ් අල් කලීෆා කුමරු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ධවල මන්දිරයට ආ කුමරුන්ට ට්‍රම්ප්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. කුමරු වෙනුවෙන් ට්‍රම්ප් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. ඇමෙරිකාව සමඟ ඇමෙරිකන් ඩොලර් බිලියන 17 ක නව ආයෝජන ඇති කර ගැනීමට බහරේනය කැමැති බව කුමරු ට්‍රම්ප් හමුවේ පැවැසීය. ඒ අනුව, ඇමෙරිකාවේ නව රැකියා 30,000 ක් උත්පාදනය වනු ඇතැයි ද පැවැසෙයි.
ගල්ෆ් එයාර් ගුවන් සේවය ඇමෙරිකන් බෝයිං සමාගමේ ගුවන් යානා 12 ක් මිලදී ගැනීමට ද ගිවිසුම් අත්සන් කෙරුණි. ඊට අමතරව, ඇමෙරිකාවේ ඇලුමිනියම් නිෂ්පාදනය සහ කෘතිම බුද්ධිය තාක්ෂණය ආදී ක්ෂේත්‍රවලට ද අමතර ආයෝජන සිදු කෙරනු ඇතැයි පැවැසෙයි.
කලාපීය අර්බුදවලදී ඇමෙරිකනාව සහ බහරේනය අතරේ සමීප මිත්‍රත්වයක් පවතී. ඉරාන අර්බුදය සම්බන්ධයෙන් ද ඔටුන්න හිමි සල්මාන් බින් හමාඩ් අල් කලීෆා කුමරු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්විණි. බහරේනය ඇමෙරිකාවේ වැදගත් ආරක්ෂක හවුල්කරුවෙකි. ඇමෙරිකන් හමුදාවේ පස්වන නාවික බලඇණි මූලස්ථානය පිහිටා ඇත්තේ ද බහරේනයේය.
(එන්.ඩී.ටීවී.)

