පරමාණු බෝම්බ හදන්නේ නෑ



ඇමෙරිකාව සහ ඊශ්‍රායලය කොතරම් චෝදනා කළත්, ඉරානය කිසිම අවස්ථාවක පරමාණු බෝම්බ නිපදවීමක් සිදු නොකරන බව ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් එක්සත් ජාතීන්ගේ 80 වැනි මහා මණ්ඩල සැසිය අමතමින් පැවැසීය.

ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන පවත්වාගෙන යන්නේ විනාශකාරී අවි තැනීමට නොව, රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් පමණක් බවත්, පරමාණු බෝම්බ තැනීමේ අවශ්‍යතාව ඉරානයට නොමැති බවත් මධ්‍යස්ථමතධාරියකු වන මෙෂූඩ් පෙසෙෂ්කියන් පැහැදිලි කළේය.

මේවනවිට ඇමෙරිකාවේ බලකිරීම මැද, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එරටට සම්බාධක පැනැවීමට සූදානම් වෙයි. ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූයේ එවැනි තත්වයක් යටතේය.


RECOMMEND POSTS