ඊශ්‍රායල අගමැති ධවල මන්දිරයේ



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. ඒ, ගාසා තීරයේ සටන් නවත්වා, ගාසා පලස්තීනුවන් වෙනුවෙන් නව සටන් විරාමයක් ස්ථාපිත කිරීමේ අරමුණින්ය.

සටන් විරාමය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී කරුණු විස්සක් ඇතුළත් සාම සැලැස්මක් නිර්මාණය කර ඇත. ඒ, මැදපෙරදිග මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන්ගේ ද උපදෙස් අනුවය.

පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ද ධවල මන්දිරයට පැමිණියේය. ඒ ට්‍රම්ප්ගේ විශේෂ ඇරැයුමකට අනුවය. එම අවස්ථාවේදී ද ගාසා අර්බුදය ගැන සාකච්ඡා කෙරුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS