කටාර් එමීර් අල් තානී ඊශ්‍රායලයට දෙහි කපයි
කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්, දොස් නැගුවේය. ඒ, ඊශ්‍රායලය හිතුවක්කාර අන්දමින් ක්‍රියා කරන රාජ්‍යයක් යැයි චෝදනා නගනිමිනි.
කටාර් එමීර් මේ අයුරින් ඊශ්‍රායලයට චෝදනා නැගුවේ, ඊශ්‍රායලය පසුගිය දා කටාර් රාජ්‍යයේ දෝහා නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙනි. ඊශ්‍රායලය හිතුවක්කාර අන්දමින් එම ප්‍රහාරය එල්ල කළේ දෝහා සිටි හමාස් නාකයන් ඉලක්ක කර ගනිමිනි.
ඊශ්‍රායලයේ මෙම ක්‍රියාව කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බවත්, රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් පැහැදිලි කළේය.