සිරියා හමුදා මූලස්ථානය වැනසෙයි



සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි එරට හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ විය.

ඊශ්‍රායලය මෙසේ සිරියාවට ප්‍රහාරයක් එල්ල කළේ සිරියානු නව අන්තර්වයාර රජයේ හමුදා සහ එරට වාර්ගික සටන්කාමීන් අතරේ දරුණු ගැටුම් ඇවිලෙමින් පවතින අවස්ථාවක වීම විශේෂත්වයකි. එම ගැටුම් පවතින්නේ දකුණු සිරියාවේ ස්වීඩා නගරය කේන්ද්‍රකොට ගනිමිනි.

ඩමැස්කස් අගනුවර හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලට ඊශ්‍රායලය පහර දීම ලෝක නායකයන් බොහෝ දෙනකුගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත. ඇමෙරිකාව මේ වනවිටත්, ඊශ්‍රායල සිරියානු අර්බුදයට මැදිහත් වී සිටින අතර, සිරියාවට ප්‍රහාර දීම නවත්වන්නැයි ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළ බව ද පැවැසෙයි.

ඩමැස්කස් හමුදා මූලස්ථානයට එල්ල වූ එම ප්‍රහාරයෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, .4 දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බවත් පැවැසෙයි.


RECOMMEND POSTS