ලොව පුංචිම පේස්මේකරය
ඇමෙරිකාවේ නෝත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ ලොව කුඩාම ගතිකරය එසේත් නැතිනම් පේස්මේකරය නිපදවීමට සමත් වී සිටිති. සාමාන්‍ය හදවත් ගැස්ම නොමැති අයට හදවතේ ගැස්ම නිසි ආකාරයට සිදුකරවීම සඳහා ගතිකරයක් සවි කිරීම දැන් ලොව පුරා භාවිත කරන ප්‍රතිකාර ක්රමවේදයකි.
මෙසේ සවිකරන ගතිකරයට අවශ්‍ය විද්‍යුත් ශක්තිය සපයන්නේ සිරුරේ පිටතින් සවි කරන උපකරණයකිනි.
සෙන්ටිමීටර් කීපයක් දිග ගතිකරයක් වෙනුවට හාල් ඇටයකට වඩා කුඩා ගතිකරයක් නිපදවීම වෛද්‍ය විද්‍යාව ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ. මේ නව නිපැයුමේ හරිම ප්‍රමාණය දක්වා ඇත්තේ මිලිමීටර් 1.8 ක් පළල, මිලිමිටර් 3.5ක් දිග හා මිලිමීටරයක් මහත යනුවෙනි.
මේ උපකරණය කොතරම් කුඩා ද කීවොත් එන්නත් කිරීමට ගන්නා සිරින්ජයක තුඩඟින් රැඳවීමටත් ඒ මගින් හදවතෙහි තැන්පත් කිරීමටත් හැකියාව ඇත.
මේ උපකරණය කුඩා වුවද ඕනෑම වයස් කාණ්ඩයක හදවතකට සවි කළ හැකිය. සාමාන්‍ය ගතිකරයක් සේ ක්‍රියා කරන මෙම ඉතා සියුම් උපකරණය ලොකුම සහනයක් වන්නේ උපදින කොටම ගතිකරයක් සවි කිරීමට අවශ්‍ය ළදරුවන්ටය.
මේ නව නිපැයුමට මුල් වූ නෝර්ත්වෙස්ටර්න් ජෛව ඉලෙක්ට්‍රොනික ආයතනයේ ආරම්භකයා වූ ජෝන් ඒ. රොජර්ස් පවසන්නේ, ‘අප දන්නා තරමින් අප මේ නිපදවා ඇත්තේ ලෝකයේ කුඩාම ගතිකරයයි. මෙය හදවත් රෝගීව උපදින ළදරුවන් ගේ ජීවිත බේරා ගැනීමට ලොකු පිටුවහලක් වේවි.’ කියාය.
ලයිව් සයන්ස් ඇසුරිනි