ප්‍රාණඇපකරුවන්ගේ ඡායාරූපය

2023 වසරේ සිට ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ගාසා පලස්තීනුවන් 65,141 මියගොස් ඇතැයි ද පැවැසෙයි.
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දෙන්නේ, හමාස් සංවිධානය පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල වැසියන් මුදා ගැනීමේ අරමුණින්ය.
ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටී. ඊශ්‍රායල වැසියන් 47 දෙනකු තවමත් ගාසා තීරයේ හමාස් සටන්කාමින්ගේ ග්‍රහණයේ පසුවන බව වාර්තා වේ.
හමාස් සටන්කාමීන් එම ප්‍රාණ ඇපකරුවන් 47 දෙනාගේ ඡායාරූප සහ ඔවුන්ගේ විස්තර ඇතුළත් ඡායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර ඇත. ඒ, ඔවුන්ට සමුදිමට ඊශ්‍රායලයට සිදුවනු ඇතැයි පවසමිනි.
ඊශ්‍රායල රජය පවසා ඇත්තේ ප්‍රාණඇපයේ සිටිනවා යැයි පැවැසෙන එම ඊශ්‍රායල ජාතිකයන්ගෙන් තවමත් ජීවතුන් අතර සිටින්නේ 20 දෙනකු පමණක් බවය.

