නෙදන්යාහුගේ විරෝධයට ප්‍රංශ ජනපති පිළිතුරු දෙයි



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු දැක්වූ විරෝධයට ප්‍රංශ  ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අප්‍රසාදය පළ කර ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය  බෙන්ජමින් නෙදන්යාහු විරෝධය පළ කර ඇත්තේ, පලස්තීනය නිල වශයෙන් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ප්‍රංශය සූදානම් යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් පවසා ඇති බැවිනි.

මැක්රොන් පවසා ඇත්තේ සැප්තැම්බරයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී, ප්‍රංශ රජය පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවය. ඒ අනුව, පලස්තීන වෙනම රාජ්‍යයක්  ලෙස පිළිගන්නා පළමු යුරෝපා රට වන්නේත්, පළමු ‘ජී7’ කණ්ඩායමට අයත් රට වන්නේ ප්‍රංශයයි.

ප්‍රංශය ගත් මෙම තීරණයත් සමඟ, කැනඩාව, මහා බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියා ද පවසා ඇත්තේ තමන් ද පලස්තීනය නිලවශයෙන් රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවය. පලස්තීනය යනුවෙන් හැඳින්වෙන්නේ ගාසා තීරය සහ බටහිර ඉවුරය. මෙම ස්ථාන දෙක පිහිටා ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS