ගාසා දරුවන්ට වෙඩි
ගාසා තීරයේ ඩීර්-අල් - බලාහ් නගරයේ සෞඛ්‍ය සායනයක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පෙළ ගැසී සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව වෙඩි තබා ඇති බවත්, එහිදී කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.
මිය ගිය කුඩාම ළමයාගේ වයස අවුරුදු දෙකක් යැයි ද පැවැසෙයි. ඊශ්‍රායල හමුදා ප්‍රහාරයෙන් මිය ගිය වැඩිම වයසකින් යුත් දරුවාගේ වයස අවුරුදු 14 කි. මියගිය එම දරුවන්ගේ දර්ශන ඇතුළත් වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
(අල් ජසීරා)