ඕනෑම වෙලාවක ඊශ්‍රායලයෙන් යන්න පුළුවන්
ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්ථාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි. ඒ මුහුණු පොතේ සටහනක් තබමිනි.
මේ අතර, ඊයේ (19) දිනයේ පමණක් සිව්දෙනෙකුට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ බව ද නිමල් බණ්ඩාර මහතා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ඉන් එක් අයකු නිවාඩු ගත කර නැවත පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර සෙසු තිදෙනාට එවැනි අපේක්ෂාවක් නොමැති බව තානාපතිවරයා පවසා ඇත.