සිරියානු ජනාධිපති අසාද් රුසියන් ජනාධිපති හමුවෙයි
සිරියානු ජනාධිපති අහ්මද් අල් ෂාරා සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්විණි.
ජනාධිපති අහ්මද් අල් ෂාරා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූයේ, රුසියාවත් සිරියාවත් අතරේ දශක ගණනක් තිස්සේ පවතින ‘මිතුදම්’ එලෙසින්ම තබා ගන්නා බව පවසමිනි.
සිරියාවේ රුසියාවට අයත් ගුවන් හමුදා කඳවුරක් පිහිටා ඇත. මැදපෙරදිග කලාපයේ පිහිටි එකම රුසියන් හමුදා කඳවුර මෙයයි. මෙම කඳවුර පවත්වාගෙන යෑමට රුසියාවට අවසර දුන්නේ, බලයෙන් නෙරපා දැමූ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුට පෙර සිරියාව බාලනය කළ අසාද්ගේ පියාය.
මෙම ගුවන් කඳවුර දිගටම පවත්නාගෙන යෑමට ද රුසියාවට අවසර දෙන බව සිරියාවේ නව ජනාධිපති අහ්මද් අල් ෂාරා අවධාරණය කර ඇත. රුසියාව සහ සිරියාව අතරේ පවතින මිත්රත්වය ඉතා වැදගත් බව ද අහ්මද් අල් ෂාරා පෙන්වා දී ඇත.
සිරියානු විපක්ෂය සන්නද්ධ වී, බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් වදිද්දී, රුසියන් හමුදාවේ සහාය හිමිවූයේ අසාද්ගේ රජයට සහ හමුදාවටය. සිරියානු විපක්ෂයට සහාය දැක්වූ අල් කයිඩා සටන්කාමීන්ගේ නායකයා ලෙස කටයුතු කළේ අහ්මද් අල් ෂාරා ය.
2024 දී විපක්ෂ කණ්ඩායම් එක් වී අසාද් පාලනය පෙරළා දැමූ අතර, ඊට නායකත්වය දුන්නේ අහ්මද් අල් ෂාරා ය. ඒ අනුව, ඔහු සිරියාවේ ජනාධිපති ධුරයට පත්විය. පසුගිය දා සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවා පැවැත්විණි.
අහ්මද් අල් ෂාරා, ඇමෙරිකාව, ප්රංශය ඇතුළු බටහිර රටවල් සමඟත්, සෞදිය ඇතුළු කලාපීය මුස්ලිම් රටවල් සමඟත් සහයෝගයෙන් කටයුතු කරන අයෙකි. අල් ෂාරා, ඊශ්රායලය සමඟ ද යහපත් සබඳතා පවත්වාගෙන යයි.
බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් රුසියාවට ගෙන්වා දේශපාලන රෑකවරණය දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.
ජනාධිපති අල් ෂාරා සහ පුටින් අතරේ අසාද් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. ඒ, එල්ල වී ඇති යුද අපරාධ සම්බන්ධයෙන් අසාද් රුසියාවෙන් සිරියාවට පිටුවහල් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙනි.