දුම්බීම නවත්වන්න ඉතාලි අගමැතිනියට උපදෙස්
ඊශ්රායල හමාස් ගැටුම අවසන් කිරීමේ අරමුණින් ඊජිප්තුවේ රතු මුහුද ආශ්රිත ෂාර්ම් එල් ෂෙයින් නගරයේ පැවැත්වුණු සාම සමුළුවට සහභාගීවීමට ගිය ඉතාලි අග්රාමාත්ය ජෝර්ජියා මෙලොනිට, එම සමුළුවට එක් වුණු තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගෙන් උපදෙසක් ලැබුණි. ඒ, දුම්පානය වහා නවත්වන ලෙසටය.
48 හැවිරිදි මෙලොනි, දැඩි ලෙස දුම්පානය කරන තැනැත්තියක බව ප්රකටය. තමන් ලෝක නායකයන් සමඟ කරටකර ගැටෙමින් කටයුතු කිරීමට දුම්පානය ඉවහල් වන බව මෙලොනි හේතු වශයෙන් පවසා ඇත.
සාම සමුළුවට සමගාමීව, ඊට සහභාගී වුණු නායකයන් අතරේ සුහද හමුවක් පැවැත්විණි. දුම්පානය නවත්වන්නැයි තුර්කි ජනාධිපතිවරයා ඉතාලි අග්රාමාත්යවරයාට කීවේ එහිදීය. එම අවස්ථාවේ, ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද එහි විය. ඔහු කීවේ, මෙලොනිට, ඒක නම් කීයටවත් කරන්න බැරිවේවි යනුවෙනි.
තුර්කියේ දුම්පානය නැවැත්වීමට තුර්කි ජනාධිපති එර්දොවාන් ජාතික වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇත. තරුණ ප්රජාව ද්රම්පානයෙන් ඈත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ යැයි පැවැසෙයි. 2028 වසර වෙද්දී තුර්කිය දුම් වැටියෙන් තොර තැනක් කිරීම තම අරමුණ බව තුර්කි ජනාධිපතිවරයා ප්රතිඥා දී ඇත.