පුටින්ගෙන් නෙදන්යාහුට ඇමතුමක්



රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතන කතාබහක් සිදුවිය. ඒ, ඊශ්‍රායලයත් ගාසා තීරයේ හමාස් සංවිධානයත් අතරේ, සටන් විරාමය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එලැඹීමට සාකච්ඡා පැවැත්වෙද්දීය.

කරුණු 20 කින් සමන්විත එම සටන් විරාම යෝජනාව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සකස් කර ඇත. එහි ඇති කරුණු 20 න් එකක් වන්නේ, හමාස් සංවිධානය නිරායුධ කිරීමය.

සටන් විරාමයට ඊශ්‍රායලයේ කැමැත්ත හිමි වී ඇති අතර, හමාස් සංවිධානය සටන් විරාම කොන්දේසි බොහොමයකට කැමැත්ත පළ කර ඇත. නිරායුධ වීමේ කොන්දේසියට ඔවුන් එකඟ වී නැත.

සෙසු කොන්දේසි වන්නේ හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා එකවර නිදහස් කිරීම, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීමදෙය සෙසු කොන්දේසි අ.තර වෙයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා කළේ ගාසා අර්බුදය සහ සෙසු මැදපෙරදිග අර්බුද සම්බන්ධයෙනි. මේ බව රුසියන් විදේශ කටයුතු අමත්‍යාංශය ද තහවුරු කර ඇත.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ සිරියාවේ තත්වය පිළිබඳ විසඳුම් ද මෙහිදී සාකච්ඡා වූ බව ඊශ්‍රායල විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.

ගාසා සටන් විරාමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායල, අමෙරිකා, හමාස් සංවිධානයේ නියෝජිතයින් ඊජිප්තුවට පැමිණ සාකච්ඡා ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත.


RECOMMEND POSTS