සිරියාාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්
ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි.
ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, පළාත් තුනක මැතිවරණ කටයුතු පැවැත්වීම සිදුවූයේ නැත. මැතිවරණ පැවැත්වීම සිදුනොවුණේ කුර්දි පාලනය යටතේ පවතින පළාත්වලය. මැතිවරණය නොපැවැත්වූ පළාත් වන්නේ රකා, හසාකේ සහ සුවෙයිඩාය. මෙම පළාත් පාලනය කරන කුර්දි සටන්කාමීන්, බලයෙන් නෙරපා දැමුණු ජනාධිපති අසාද්ට සහාය දක්වන අයයි.
සිරියානු පාර්ලිමේන්තුවේ ආසන 210 කි. එයින් තුනෙන් දෙකක් සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වුණි. අපේක්ෂකයෝ 1,500 ක් මැතිවරණයට ඉදිරිපත් වී සිටියහ.
ඉතිරි නියෝජිතයන් තෝරා පත් කිරීම සිදුකරන්නේ සිරියාවේ අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද් අල් ෂාරාය.
අල් ෂාරා යනු අල් කයිඩා හිතවාදී ත්‍රස්ත නායකයෙකි. සිරියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වමින්, අල් ෂාරා සහ ඔහුගේ ත්‍රස්තයන් ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැම්මේ මීට මාස 10 කට පෙරය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මැදිහත්වීමෙන්, අසාද් රුසියාවට පලා ගියේය. මේ වනවිට ඔහු බිරිඳ දරුවන් රුසියාවේ රහස් ස්ථානයක රැඳී සිටින බව පැවැසෙයි.
අල් ෂාරා මේ වනවිට ජාත්‍යන්රයේ පිලිගැනීමට ලක් වී සිටි. සෞදියේ මැදිහත් වීමෙන් අල් ෂාරා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ ද හමුවක් මීට මාස කීපයකට පෙර පැවැත්විණි. එහි ප්‍රතිඵලය වූයේ සිරියාවට ඇමෙරිකාව පනවා තිබූ සම්බාධක ලිහිල් වීමය.
පසුගිය දා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ද අල් ෂාරා සහභාගී විය.
සිරියාව යළි ගොඩනගමින්, අසාද් පාලනය යටතේ අසාධාරණයට ලක්වුණු සියලුම සිරියානු වැසියන්ට සාධාරණය ඉටු කරන බව අල් ෂාරා ප්‍රතිඥා දී ඇත. සිරියානු මහ මැතිවරණය පැවැත්වෙන්නේ උත්තරීතර මැතිවරණ කමිටුවක් යටතේය. මෙම කමිටුවට සාමාජිකයන් 11 දෙනකු සිටින අතර, එම 11 දෙනා තෝරා පත් කරනු ලැබ ඇත්තේ ද ජනාධිපතිවරයා විසිනි.