කමේනි මැරුණොත් මීළඟ නායකයා කවුරුන්ද?



ඊශ්‍රායල-ඉරාන යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිට මරණ තර්ජන එල්ල වෙයි. ඒ, ඊශ්‍රායලයෙන් පමණක් නොව, ඇමෙරිකාවෙනි. ඒ අනුව, කමේනිගේ අනුප්‍රාප්තියකා කවුරු වනු ඇතිදැයි කාගේත් අවධානය යොමු වී තිබේ.‍

අලිරේසා අරාෆි (Alireza Arafi)

ජ්‍යෙෂ්ඨ පූජකවරයකු වන අරාෆි, ප්‍රවීණයන්ගේ මණ්ඩලයේ (Assembly of Experts) සාමාජිකයෙකු වන අතර කොම් සෙමනේරියේ (Qom seminary) ප්‍රධානියා ද වෙයි. ආරක්ෂක මණ්ඩලයට (Guardian Council) සම්බන්ධ වී සිටී. ඔහුගේ ගතානුගතික ස්ථාවරය සහ ආගමික හා දේශපාලන ආයතන තුළ ගැඹුරු බලපෑමක් සඳහා ප්‍රසිද්ධය.

අයතුල්ලා හෂෙම් හොසේනි බුෂෙරි (Ayatollah Hashem Hosseini Bushehri)

ප්‍රවීණයන්ගේ මණ්ඩලයේ ප්‍රථම නියෝජ්‍ය සභාපතිවරයා වන අතර කොම් සෙමනේරි සංගමයේ (Qom Seminary Society) ප්‍රධානියා ද වෙයි. කමේනිගේ සමීපතමයන්ගෙන් විශ්වාසදායී කෙනෙකි. උත්තරීතර නායක කමේනි වෙනුවෙන්, බොහෝ විට කොම් හි සිකුරාදා යාඥා මෙහෙය පවත්වන්නේ ද අයතුල්ලා හෂෙම් හොසේනි බුෂෙරිය.

අලි අස්ගර් හේජාසි (Ali Asghar Hejazi)

තිරයෙන් පසුපස සිටින වැදගත් චරිතයක් ලෙස හේජාසි සැලකිය හැකිය. උත්තරීතර නායකයාගේ කාර්යාලයේ දේශපාලන-ආරක්ෂක කටයුතු අධීක්ෂණය කරන්නේ මොහුය. ඉරානයේ බුද්ධි ජාලය හා සම්බන්ධ ප්‍රබලයෙකි.

ඝෝලාම් හොසේන් මොහ්සේනි එජෙයි (Gholam Hossein Mohseni Ejei)

වත්මන් ඉරාන අධිකරණ ප්‍රධානියා වන අතර හිටපු බුද්ධි අමාත්‍යවරයෙකි. ඉරානයේ නීතිමය හා ආරක්ෂක ආයතනවල දශක ගණනක අත්දැකීම් ඇති දැඩි මතධාරියෙකි. ශක්තිමත්, විශ්වාසවන්ත තැනැත්තතෙකි.

මොහොමඩ් මොහොමඩි ගොල්පායෙගානි (Mohammad Mohammadi Golpayegani)

කමේනිගේ කාර්යාලයේ දිගුකාලීන ප්‍රධාන කාර්ය මණ්ඩල ප්‍රධානියාය. කලාතුරකින් අවධානයට ලක් වුවද, ඔහුගේ පරිපාලන පාලනයට සම්බන්ධව සිටී. උත්තරීතර නායකයාට සමීපය.

අලි අක්බර් වෙලායාති (Ali Akbar Velayati)

හිටපු විදේශ අමාත්‍යවරයකු වන අතර වත්මන් කමේනිගේ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති උපදේශකවරයාය. රාජ්‍ය තාන්ත්‍රික හා න්‍යෂ්ටික සාකච්ඡා පිළිබඳ පළපුරුදු අයෙකි. ගතානුගතික නායකත්වය සමඟ ශක්තිමත් සබඳතා පවත්වයි.

කමාල් ඛාරාසි (Kamal Kharazi)

තවත් හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන අතර, වර්තමානයේ ඉරාන විචක්ෂණ මණ්ඩලයේ (Expediency Council) සහ විදේශ සබඳතා පිළිබඳ උපායමාර්ගික කවුන්සිලයේ (Strategic Council on Foreign Relations) සේවය කරයි. විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔහුගේ ගැඹුරු දැනුම සඳහා ප්‍රසිද්ධය.

අලි ලාරිජානි (Ali Larijani)

හිටපු පාර්ලිමේන්තු කථානායකවරයකු වන අතර ප්‍රධාන න්‍යෂ්ටික සාකච්ඡාකරුවකු ලෙස ද කටයුතු කරයි. ඉරානයේ දේශපාලන වර්ණාවලිය හරහා බලපෑම් ඇති ප්‍රායෝගික ගතානුගතිකයෙකි. සම්මුති අපේක්ෂකයකු ලෙස මතුවිය හැකිය.


RECOMMEND POSTS